
මේ දිනවල දිවයින පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී ආරක්ෂක අංශ විසින් සොයාගනු ලබන කඩු, කිණිසි, ඇතුළත් තියුණු ආයුධ සහ වෙනත් අවි ආයුධ පිළිබඳව ඇතුළත් වීඩියෝ දර්ශන, ඡායාරූප පළ කිරීමෙන් සහ විකාශය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව විසින් සියලුම මාධ්‍ය ආයතන වෙත දැනුම්දීමක් කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙම උපදෙස් ලබා දුන්නේ (09) උදෑසන මාධ්‍ය ආයතන ප්‍රධානීන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට කැඳවා පැවැත්වූ සාකච්ඡාවේදීය.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය හමුවේදී දෙන තොරතුරු පමණක් වාර්තා කරන ලෙස ද කලූවැව මහතා මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කළේය.