
නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින අයවළුන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිමය කටයුතු ඉටුකිරීම සඳහා ලබාදී තිබු පොදු සමා කාලය යුද්ධ හමුදා මූලස්ථානය විසින් තවත් සතියකින් දීර්ඝ කර ඇත.
ඒ අනුව මේ වන විටත් තම රෙජිමේන්තූ වෙත භාරවීමට නොහැකිව සිටින යුද්ධ හමුදා සාමාජිකයින් හට 2019 මැයි මස 17 වන දින 18.00 පැය දක්වා කාල සීමාව තුළදී අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකර ගත හැක.
මීට පෙර ලබා දී තිබු පොදුසමා කාලය 2019 අප්‍රේල් මස 22 වන දින සිට 2019 මැයි මස 10 දින දක්වා වේ