රනිල් එපා,යළි කැරැල්ලක්

‘‘එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බවත්, ඔහු ඊළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා නොවිය යුතු බවත් ප‍්‍රකාශ කරන මතයක් ශීඝ‍්‍රයෙන් නැවත එම පක්ෂය තුළ ගොඩනැගෙමින් ඇතැයි වාර්තා වේ’’ යැයි මැයි 12 වැනිදා ‘අන්ද්දා’ ඉරිදා පුවත්පත තම ප‍්‍රධාන ශීර්ෂ පාඨය ලෙස වාර්තා කරයි.

එම ප‍්‍රවෘත්තියේ මෙසේ ද සඳහන් වේ. මෙම තත්ත්වය තුළ පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රතිසංස්කරණය විය යුතු යැයි මතයක සිි පිරිස, නායකයා තමන් රැවටූ බවත්, ඒ නිසා මෙවර ඒ උප්පරවැට්ටිවලට හසුනොවන බවත් ප‍්‍රකාශ කරන බව එජාපයේ ප‍්‍රබලයෙක් පැවසීය. පසුගිය 29 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැුස්වීමේදී අමාත්‍ය නවීන් දිසානායක, පොලිස්පති පූජිත් ජයසුන්දර පිළිබඳව අගමැති රනිල් වික‍්‍රමසිංහ සමග වාදයක පැටලී ඇත. එහිදී රනිල් වික‍්‍රමසිංහගේ මතයට විරුද්ධව යමින් නවීන් දිසානායක මහතා කියා ඇත්තේ එජාපයේ කිසිවෙකු මෙවර පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී නොසිටිය යුතු බවය. මෙම වාදයේ වීඩියෝ පටයක් නවීන් දිසානායක තමන්ගේ ෆේස්බුක් ගිනුමට පසුදාම එකතුකර තිබුණු අතර මේ පිළිබඳව අදහස් දැක්වූ එජාප ප‍්‍රබලයෙකු කියා සිටියේ, මීට පෙර මෙවැනි වීඩියෝ පට ප‍්‍රසිද්ධ වීම හෝ මෙවැනි සංවාද හෝ ඇති නොවුණ බවය. නවීන් දිසානායක ප‍්‍රමුඛ මන්ත‍්‍රී කණ්ඩායමක් කරු ජයසූරිය පක්ෂයේ මීළඟ නායකයා සහ එජාපයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කිරීම සඳහා වැඩපිළිවෙළක් දියත් කරමින් ඇති බව ප‍්‍රකාශ කරන ඒ මහතා කියා සිටින්නේ, එජාප උප නායක රවී කරුණානායක ද කරු ජයසූරිය පාර්ශ්වයට එකතුවී ඇති බවය.

මේ පිළිබඳව අදහස් දැක්වූ එජාප නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ප‍්‍රකාශ කළේ, එජාපය තුළ රනිල් වික‍්‍රමසිංහ විරෝධයක් නැවත ගොඩනැගෙමින් ඇති බව සත්‍යයක් බවය.පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ජනප‍්‍රියතාව බින්දුවට බැස ඇතැයි ද, එනිසා ඔහුය ඉදිරි මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට නොහැකි බව එජාපයේ බොහෝ මන්ත‍්‍රීවරුන් දැන් දරන මතය බව ද ඔහු ප‍්‍රකාශ කරයි.

මෙම බල අරගලය නිසා රනිල් වික‍්‍රමසිංහ මහතා අබිබවා ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා පක්ෂය තුළ ඉදිරියට පැමිණ ඇතැයි ද, එහෙත් පක්ෂයේ බහුතර මන්ත‍්‍රී ප‍්‍රසාදය ඔහුට අහිමි බව ද දැනගන්නට ඇත. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුවත් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති සිරිසේන ආරක්ෂා කරන ප‍්‍රතිපත්තියක සිටීම එජාපයේ මන්ත‍්‍රීවරුන් බොහොමයකගේ විරෝධයට හේතුවී ඇත.

Recommended For You

About the Author: Editor