
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලය නගරය, තඹලගමුව, කන්තලේ සහ සේරුනුවර යකඋප නගරවල හර්තාල් ව්‍යාපාරයක් දියත්ව තිබේ.
විරෝධාතාකරුවන් චෝදනා කරන්නේ හිස්බුල්ලා මහතා ත්‍රස්තවාදය සහ ජාතිවාදය වපුරන බවයි. විරෝධතාවට සහාය දීමක් වශයෙන් මෙම නගරවල කඩසාප්පු වසා දමා ඇති අතර පෞද්ගලික බස්රථ ද ධාවනයෙන් ඉවත් වී ඇත.
හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා කන්තලේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රි විජය වික්‍රම ලමාහේවා මහතා පවත්වාගෙන යන සත්‍යග්‍රහය ද මෙම හර්තලය තුළ ඒ ආකාරයෙන්ම පැවතිණි.