ICC දුෂණ චෝදනාවලට නිදහසට කරුණු කියන්න අවිශ්කට සහ නුවන්ට දින 14ක් කල්දෙයි

දුෂණ චෝදනා මත ක‍්‍රිකට් තහනමට ලක්ව සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයින් වන අවිශ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට දින 14ක කාලයක් ලබා දීමට ICC පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

හිටපු පිතිකරුවෙකු සහ පුහුණුකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධනට සහ හිටපු වේග පන්දු යවන්නකු සහ පුහුණුකරුවෙකු වන නුවන් සොයිසාට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය මෙම දුෂණ චෝදනා ගොනු කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක‍්‍රිකට් ආයතනය වෙනුවෙනි.

මෙම චෝදනා ගොනු කර තිබෙන්නේ 2017 වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දු වාර 10 ක්‍රිකට් තරගාවලියකට අදාළවය. එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධ දූෂණ හා වංචා පිළිබඳව සිදු කරන පුළුල් විමර්ශනයේ කොටසකි.

ඒ අනුව නුවන් සොයිසාට දුෂණ මර්ධන පනතේ වගන්ති 04ක් උල්ලංඝනය කළ බවට ද අවිශ්ක ගුණවර්ධනට දුෂණ මර්ධන පනතේ වගන්ති 02ක් උල්ලංඝනය කළ බවට ද චෝදනා ගොනුකර ඇත.

මේ අනුව ඔවුන් දෙදෙනාටම ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ කටයුතුවලට සහභාගීවීම අන්තර්ජාතික ක‍්‍රිකට් කවුසිලය විසින් තහනම් කර තිබේ.

මීට පෙර සනත් ජයසූරිය සහ දිල්හාර ලොකුහෙට්ටිහේවාට ද විසින් දුෂණ චෝදනා ගොනුකරනු ලැබීය.

සටහන
කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor