අපි ලෝකෙට රු. කෝටි 11,97,700ක් ණයයි: රු. කෝටි 116,400ක් ගත්තේ 2018දී

පාස්කු ප‍්‍රහාරය සිදුවන විටත් රටේ ආර්ථිකය බිඳ වැටිලා තිබුණේ – සුනිල් හඳුන්නෙත්ති

2018 වර්ෂයේදී පමණක් මෙරට ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1664ක් වූ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

lankaepress කළ විමසීමකට පිළිතුරු දෙමින් මේ බව කී මන්ත‍්‍රීවරයා තමා මේ පිළිබඳව පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවට පැහැදිලි විග‍්‍රහයක් කළ බව ද සඳහන් කළා.

සුනිල් හඳුන්නෙත්ති පවසන ආකාරයට 2018 වර්ෂය වන විට ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති මුළු ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 11,977ක් පමණ වෙනවා. පසුගිය 2018දී පමණක් රුපියල් බිලියන 1664ක් ලබා ගෙන තිබෙනවා. මේ අනුව පැහැදිලි වන්නේ ශ‍්‍රී ලංකාවේ සමස්ත ණය ප‍්‍රමාණයෙන් සියයට 14කට ආසන්න ප‍්‍රමාණයක් ලබා ගෙන ඇත්තේ පසුගිය 2018 වසරේදී බවයි.

මෙහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ ද සඳහන් කළා.

‘‘කොහොමටත් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටෙමින් තිබුණේ. ඒත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයත් සමග මේ තත්ත්වය තව දුරටත් වේගවත් වුණා. පසුගිය කාලය පුරාම යම් වර්ධනයක් වාර්තා කළේ සංචාරක කර්මාන්තය පමණයි. දැන් එයත් බිඳ වැටිලා තිබෙන්නේ’’

මෙහිදී මන්ත‍්‍රීවරයා කියා සිටියේ යළි කවදා ගොඩනගා ගන්න පුළුවන් වෙයිද කියා සිතා ගත නොහැකි ආකාරයට මෙරට ආර්ථිකය සහ ජන ජීවිතය බිඳ වැටී ඇති බවයි.

‘‘රටට නොගැළපෙන, ජනජීවිතයට නොගැළපෙන ආර්ථික ප‍්‍රතිපත්ති නිසා මේ තත්ත්වය තවත් වැඩි වෙලා තිබෙනවා’’ මන්ත‍්‍රීවරයා කියනවා.

රටේ ණය ප‍්‍රමාණයට 2018 වන විට රුපියල් බිලියන 11,977 දක්වා වැඩි වුණේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය නිසා නොවන බව සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙනවා.

‘‘පාස්කු ඉරිදා ප‍්‍රහාරය මගින් සිදු වුණේ ලංකාවේ බිඳ වැටීම වේගවත් කරන එක විතරයි. මේ ප‍්‍රහාරය නිසා අපේ රටේ සංචාරක කර්මාන්තය බිඳ වැටී තිබෙනවා. මේ ආශ‍්‍රිතව රැුකියා කරන පිරිස ලක්ෂ හතරක් පමණ වෙනවා. නමුත් දැන් සංචාරකයො එන්නේ නැහැ. ඉතිං සේවකයන්ගේ හා ව්‍යාපාරවල රැුකියා අවදානමට ලක්ව තිබෙනවා’’

පාස්කු ඉරිදා ප‍්‍රහාර නිසා සිදු වූ දැඩි විකෘතියක් ගැන ද මන්ත‍්‍රීවරයා අවධානය යොමු කරනවා.

‘‘පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව අපේ වෙළෙඳාම දැඩි විකෘතියකට ලක්ව තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකට ව්‍යාපාර කළ රටක් මේක. ඒ නිසා සමහර කර්මාන්ත හා ව්‍යාපාර ඒ ඒ ජනවර්ගවලට ආවේණික, අනන්‍ය ඒවා. මේවා ජන ජීවිතය සමග බැඳුණු දේවල්. ආගමික හා දේශපාලන වෛරය මත මේවා පදනම් කළහොත් රටේ ජනජීවිතය තමයි බිඳ වැටෙන්නේ’’ සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙනවා.
මෙහිදී ඔහු අවධාරණය කරන්නේ මේ තත්ත්වයෙන් මිදෙන්න දේශපාලනඥයින් කටයුතු කළ යුතු බවයි.

Recommended For You

About the Author: Editor