
ගල්ෆ් කලාපයේ යුද උණුසුම යළිත් ඉහළ යමින් තිබෙනවා. ඒ ඉරානය සහ ඇමෙරිකාව යළිත් එකිනෙකාට එරෙහිව අවි ඔසවා ගැනීම නිසයි.

පෙන්ටගනය පසුගියා ඉරානයේ ඇස් රතු කරමින් ගුවන්යානා ප්‍රවාහන නෞකාවක් වන යූ.එස්.එස් ඒබ්රාහම් ලින්කන් යුද නෞකාව ඉරානය ආසන්න ගල්ෆ් මුහුදු තීරයට පිටත් කළා.
එයින් නොනැවතුණු පෙන්ටගනය අද තවත් යුධ නෞකාවක් ගල්ෆ් මුහුදු තීරයට යොමු කළා. බැලස්ටික් සහ කෲස් මිසයිල ප්රහාරයන් හමුවේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය සියලූම පහසුකම්වලින් සමන්විත එයත් ඒබ්රහාම් ලින්කන් සමග එක්වීමට නියමිත බවයි පෙන්ටගනය කියන්නේ.
ඇමෙරිකාවේ මේ ක්‍රියාවන්ට ප්‍රතිචාර දක්වමින් ඉරානය කියන්නේ මේ ක්‍රියාව හුදෙක් ‘‘මානසික සංග්‍රාමයක් ’’ පමණක් වනු ඇති බවයි.