පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් දෙමාපියන් අහිමිව අවතැන් වූ දරුවන් ගැන තොරතුරු ඕනෑ: දුරකථන අංක – 011-2444444 – 011-2337041 – 011-2337039

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් දෙමව්පියන් අහිමිව අවතැන් වූ දරුවන් පිළිබඳ ළමා හා කාන්තා කාර්යාංශය තොරතුරු ලබාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලධාරීන්ට දැනුම්දීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

ආරක්ෂක තත්ත්වය දැනුම්දීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

අද දිනයේ සිදුවූ වැදගත් සිදුවීම් ගැන වැඩි දුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේ ද කීවේය.

”අද වත්තල හුණුපිටිය මාර්ගයේ නාවික හමුදා මාර්ග බාධක 03ක් යොදා ලැබු ණු තොරතුරක් මත සැක කටයුතු වාහනයක් පිළිබඳ නාවික හමුදාව පරීක්ෂා කරමින් සිටියදී අලුයම 1.30ට පමණ වත්තල හුණුපිටිය මාර්ගයේ නාවික හමුදා මාර්ග බාධකයේ දී සැකකටයුතු මෝටර් රථයක් හුණුපිටිය දෙස සිට අණ නොතකා නාවිකා හමුදාව වෙතට ධාවනය කිරීම නිසා නාවික හමුදාව විසින් එයට වෙඩි තබා තිබෙනවා.

මොටර් රථය මීටර් 300 ක් පමණ ඉදිරියට ගොස් ලොරි රථයක ගැටී නැවතී ඇත. එහි ගමන් ගත් පුද්ගලයා (34) පමණ මීගමුව පාර, වත්තල පදිංචි පුද්ගලයෙක්. ඔහු තුවාල ලබා වත්තල රෝහලකටත් පසුව කොළඹ ජාතික රෝහලටත් මාරු කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. මේ සම්බන්ධව බස්නාහිර භාර උතුරු දිසාව නියෝජ්‍ය පොලිස්පති යටතේ විමර්ශනය කෙරෙන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කෙරෙනවා. මේ අයුරින්ම අලුයම 1.50ට පමණ එම මාර්ග බාධකයෙන් ම පැමිණි තවත් මෝටර් රථයක් අණ නොතකා ධාවනය කිරීම නිසා වෙඩි තබා ඇති අතර එහි සිටි බීමත් රියදුරා අත්අඩංගුවට ගත්තා.

බලපත්‍ර රහිතව හා වෙනත් නීති විරෝධී ආකාරයකට පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින අයට ඒවා ළඟම ඇති පොලිස් ස්ථානයට හා ප්‍රජා පොලිස් සේවයට ලබාදීමට මැයි 11 පෙරවරු 6.00 සිට 14 දින පෙරවරු 6.00 දක්වා දින තුනක කාලයක් ලබාදී ඇත.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් දෙමව්පියන් අහිමිව අවතැන් වූ දරුවන් පිළිබඳ ළමා හා කාන්තා කාර්යාංශය තොරතුරු ලබාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලධාරීන්ට දැනුම්දීමට කටයුත සිදුකරමින් සිටී. ඒ සම්බන්ධව ජනතාවට තොරතුරු ලබාදීමට දුරකථන අංක 03ක් හඳුන්වාදී ඇත.

011-2444444 – 011-2337041 – 011-2337039

2018.09.30 දින වවුනතිව් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන සිටි කදිරගාමර් තම්බි රාස කුමාර/  කණ්නන් / අජන්තන් නැමැත්තා අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මුදා හැරියා.

එම ඝාතනය සම්බන්ධව බෝම්බ ප්‍රහාරයෙන් පසු තවත් කිහිපදෙනෙක් අතරඅඩංගුවට ගෙන ඇත. සහරාන්ගේ රියදුරු ඇතුළු තවත් කිහිප දෙනෙක් අදාළ පොලිස් නිලධාරීන්ගේ රිවෝල්වර පතොරම් සහිතව අත්අඩංගුවට ගෙන ඇත.

Recommended For You

About the Author: Editor