මාකඳුරේ මධූෂ් සියල්ල වමාරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන විමර්ශන කටයුතු කරන අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් තමා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ සහ තම අපරාධවලට විවිධාකාරයෙන් සහය ලබා දුන් දේශපාලනඥයින් සහ පොලිස් නිලධාරීන් ගැන තොරතුරු වමාරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

මාකඳුරේ මධූෂ්ට විවිධ අපරාධ කිරීමට සහ ඒවායින් රැකවරණය ලැබීමට ප‍්‍රබල දේශපාලනඥයින් සහ උසස් පොලිස් නිලධාරීන්ගේ සහාය ලැබී ඇතැයි එවැනි සිදුවීම් ගැන මධූෂ් මේ වන විට හෙළිදරව්කර ඇති බව ද සඳහන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සමග මෙම අපරාධකරු පැවැත් වූ සම්බන්ධ පිළිබඳව ද ඔහුගේ සහායෙන් සිදුකළ අපරාධ පිළිබඳව ද දැඩිව කරුණු විමසමින් සිටින බවයි.

Recommended For You

About the Author: Editor