සකුරා මල් ලොව සිහින රජ දහනේ

ජපානයේ ටෝකියෝ අගනගරයෙහි නරීටා ගුවන් තොටුපොළින් ජපානයට පා තැබූ මට දැනුනේ මා අමුතුම ලොවකට පා තැබූ බවකි. එහි විශාලත්වය ගැන සඳහන් කිරීම අනවශ්‍යය බව මට සිතේ.

සෑම රටකටම ඒ රටවලටම ආෙවිණික වූ සංස්කෘතියක් ඇත. ජපානයට කීප වතාවක්ම ගිය මා ඒ රටේ සීඝ‍්‍ර දියුණුව ගැන අපිවම දැනුවත් කිරීම සඳහා මෙම ලිපිය ලියමි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව, ජපානය, උතුරේ හොකයිඩෝ සිට දකුණේ ඩකිනාවා දක්වා සෑහෙන විනාශයකට ලක් වූ රටකි. 2013 අගෝස්තු 15 දිනට ඒ විනාශය සිදු වී වසර 68කි. මේ විනාශයෙන් පසුව ජපන් රජය තීරණය කළේ යුද්ධයෙන් රටක් දියුණුව කරා නොයන බවත් පරාජය බාරගෙන වෛරය අතහැර සාම හමුදාවක් පමණක් ස්ථාපනය කර සියලූම ආයුධ බිම තැබීමටය. එම සාම හමුදාවේ ප‍්‍රධාන කාර්යභාරය වූයේ, එදත්, අදත්, ස්වභාවික විපත් බහුල එවන් රටක, එයින් පීඩා විඳින ජනතාව සුඛිත මුදිත කිරීමත් රට යථා තත්ත්වයට පත් කිරීමත්ය. එපමණක්ද නොව ලෝකයේ යුද්ධ පවතින රටවලට (විශේෂයෙන් මැදපෙරදිග, අප‍්‍රිකාව) මෙම සාම හමුදා නිලධාරීන් සහ වෛද්‍යවරු ඒ රටවල අනාථභාවයට පත්ව ඇති ජනතාවට බෙහෙත්හේත් ආදිය සපයාදීම, ජල පහසුකම් සහ අනෙකුත් අත්‍යාවශ්‍යය පහසුකම් සපයා දීම වැනි පොදු කටයුතු කරන ආකාරය මට ඒ රටෙහි සිටින කාලවලදී මාධ්‍ය හරහා පැහැදිළිවම දක්නට ලැබුණි.

දෙවන ලෝක යුද්ධයේ සැමරුම – හිරෝෂීමාව අද

දෙවන ලෝක යුද්ධයෙන් මෙතරම් විනාශයක් වූ ජපානයේ, 1964 ටෝකියෝ ඔලිම්පික් පැවැත්වීමට තරමි හැකියාවක් ලැබුණේ ජපනුන්ගේ නොපසුබට උත්සාහය නිසාමැයි මට සිතිණි. එපණක්ද නොව ලොව පළමුවරට බුලට්ජෝන්ස් (ෂින්කන්ෂෙන්, ජපන් බසින්) ආරම්භ වූයේද, වර්ණ රූපවාහිනය ආරම්භ වූයේද, ඩිජිටල් ඔරලෝසුව (පළමු වරට තත්පර 100න් කොටසකට නිවැරදිවම වේලාව දැක්විය හැකි) නිෂ්පාදනය වූයේද මේ 1964 වර්ෂයේදීමය. යුද්ධයෙන් විනාශ වූ රටක මෙවැනි අසාමාන්‍යය දියණුවක් ඇති වූයේ ජපනුන්ගේ උත්සාහය සහ කැපකිරීම නිසායැයි මට සිතුණි. ඒ මිනිසා මේ තත්වය ළඟා කරගැනීමට කටයුතු කළේ රට ගැන පොදු හැඟීමකින් මිස කිසිම පුද්ගලික ලාභයක් බලාපොරොත්තුවෙන් නොවන බව පැහැදිළිය. එමෙන්ම 2011 සුනාමි ව්‍යසනයෙන් පසුව ඒ මිනිසුන් ජීවිත පූජාවෙන් යුතව තම ශ‍්‍රමය සහ පුද්ගලික ධනය වැය කරමින් අනාථ වූ තම රට වැසියන් බේරා ගැනීමට කටයුතු කළ අන්දමමට එහිදී දැකගන්නට ලැබුණි.

ජපානය බෞද්ධ රටකි. මහායාන ධර්මය අදහන ඔවුන් නිවාඩු දිනයන්හි ඒ සිද්ධස්ථාන කරා ඇදී යයි. ලෝකයේ විශාලතම බුද්ධ ප‍්‍රතිමාව තනවා ඇත්තේද ජපානයේ ‘‘ඉබරකිවලය’’

ජන ජීවිතය දෙස බලන විටද ජපනුන්ගේ ඔවුන්ටම ආෙවිණික වූ ජීවන රටාවක් ඇත. වසවිස භාවිතයෙන් තොරව අහාර වගාකරන ඔවුන් ස්වයංපෝෂිත ජනතාවකි.

දේශගුණික විපර්යාසයන් කොපමණ තිබුණත් ඔහුන්ගේ ප‍්‍රධාන ආහාරය වන බත සපයාගන්නේ ඔවුන්මය. ජපානය, රටෙන් පහෙන් හතරක් පමණ කඳු සහ වනාන්තර වලින් වැසුනු රටකි. නමුත් ඔහුන් නව තාක්ෂණය උපයෝගි කරගෙන සියලූම අහාර වර්ග නිෂ්පාදනය කරගනී. විශ‍්‍රාමික ජීවිතයක් ගතකරන සමහරු අක්කර 10කට වඩා වැඩි භූමී භාගයක වී වගාකර, නවීන තාක්ෂණයේ පිහිටෙන් සහල් කරන අවස්ථාව දක්වා තනි පුද්ගලයෙකු ක‍්‍රියා කරන අන්දම විශ්මය ජනකය.

සමහර ජපන් කාන්තාවන් (වයස අවු 75 ඉක්ම වූ) සුළු ආහාර බෝග වගා කරයි. අතිරික්ත නිෂ්පාදනයන් මාවත අයිනේ පුංචි මැස්සක තබා අලෙවි කරයි. ඒ කිසිම ස්ථානයක වෙළෙන්දන් නැත. එළවළු පුංචි මිටිවලට බැඳ එහි වටිනාකම සඳහන් කර ඒ අසළින්ම මුදල් දැමීම සඳහා පුංචි පෙට්ටියක්ද තබා අත. පාරේ යන එන වාහන, එම එළවළු හෝ පළතුරු ලබාගන්නේ නියමිත මුදල් ප‍්‍රමාණය තබා ඇති පෙට්ටියට දමමිනි. ඔවුන්ගේ අවංකභාවය පෙන්වන තවත් පුංචි අත්දැකීමක් දැන් ලියමි.

එක් දිනක් මගේ පුතාගේ මුදල් පසුම්බිය, හැඳුනුම්පත් ආදි සියළුම ලියකියවිල සමඟ පාරේ වැටෙන්නට ඇතැයි ඔහු පැවසීය. තම එලියන් කාඞ් නමින් හැඳින්වෙන ජපානයේ ජීවත් වීම සඳහා දී ඇති හැඳුනුම්පත ඒ සමඟම නැතිවීම ඔහුට ලොකුම ප‍්‍රශ්නය විය. නමුත් සිද්ධිය වී පැය දෙකකට පමණ පසුව අදාළ පොලිස් ස්ථානයෙන් නිවසට දුරකතන ලැබුණේ, කරුණාකර මෙම ස්ථානයට පැමිණ ඔබගේ මුදල් පසුම්භිය සමඟ ලියකියවිලි රැුගෙන යන ලෙස ජපානය නිතරම සාමාන්‍ය හා දරුණ භූ චලන සිදුවන රටකි. එියින් මිනිසා ගලවා ගැනීමට ජපන් රජය සහ පර්යේෂකයන් යොදා ඇති ආරක්ෂක විධි විධාන පුදුමාකාරය. භූ චලනයක් දැනගැනීමට හැකියාව ඇත්තේ එය සිදුවීමට තත්පර ගණනකට පෙරය. එම කාලය තුළදී එම රටේ ප‍්‍රධාන ප‍්‍රවාහන මාර්ගය වන අධිවේගී දුම්රිය සහ සාමාන්‍යය දුම්රිය සියල්ලම ස්වයංක‍්‍රියව නතරවන ලෙසට එම මාර්ගවලට යටින් අභ්‍යන්තරයෙන් විද්‍යුත් උපකරණ සවිකර ඇත. එමෙන්ම සෑම තත්පර ගණනකට වතාවක් පැමිණෙන දුම්රිය මඟින්ට විශාල සේවයක් සලසයි. බස් සේවයත් එබඳුය.

නාගරික සෑම බස්නැවතුමකම එම මාර්ගයේ ගමන් ගන්නා බස්ථය පැමිණෙන වේලාව සඳහන් පුවරුවක් ඇත. බස් රථවල මුදල් අයකරන්නන් නැත. රියදුරු අසුන ළඟ මුදල් දැමීමට පහසුකම් සලසා ඇත. බසය නවතින තුරු කිසිවෙක් ආසනයෙන් නැගිටින්නේ නැත. ඉදිරිපිටන් ලොකු වංගුවක් ඇත, අහවල් සාප්පු සංකීර්ණය ඉදිරියෙන් මේ පැත්තේ ඇත. ඊළඟට බසය නවත්වන්නේ මේ ස්ථානයේ යැයි, යනාදී වශයෙන් රියදුරුතුමා වරින් වර පුංචි ශබ්ද විකාශනයකින් මඟීන් දැනුවත් කරයි.

අධ්‍යාපනය ගැනද පුංචි දෙයක් කිව යුතුමය. ජපානයේ දරුවා පසැලකට ඇතුළත් කළ පසු අධ්‍යාපනයට අමතරව, නීතිය කඩනොකොට පාරේ ගමන් කළ යුතු ආකාරයත්, වැඩිහිටයන්ට ගරු කරන අන්දමත් , තමන් යම් තැනකට ගියද එම ස්ථානයෙන් පිටවන විට තව කෙනෙකුට එම ස්ථානයට එන්නට ඉඩ තබා තමන් ආවාටත් වඩා පිරිසිදුවෙන් එම ස්ථානය අතහැර යා යුතු අන්දමත් හුරුපුරුදු කරයි. ළදරු පාසල් හැර පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් වූ පසු ඔහු හෝ ඇය පාසැලට යා යුතු වන්නේ පයින්ය.

ජපනුන් විශ්වාස කරන්නේ පුංචි කාලයේ සිටම ස්වභාව ධර්මයට ඔරොත්තු දෙන ලෙස ,ස්වභාවයෙන්ම ප‍්‍රතිශක්කිකරණය ඇතිවන අයුරින් දරුවා ඇතිදැඩි කළ යුතු බවය. හිම, තද වැසි, සුළං කොපමණ තිබුණද දරුවා පයින් පාසැලට යා යුතුය. එයින් ඔවුන් බලාපෙරොත්තු වන්නේ දරා ගැනීමේ ශක්තිය ඇති පරපුරක් බිහිකිරීමය. ඉතාමත් තදින් හිම පැවතුනහොත් පන්තිභාර ගුරුභවතුන් දෙමව්පියන්ට දරුවා රැුගෙන යාමට පාසැලට පැමිණෙන ලෙස දුරකතනයෙන් දැනුම්දෙයි.

6 වන ශ්‍රේණියෙන් පසු මේ ක‍්‍රමය වෙනස් වන්නේ එවිට ප‍්‍රාථමික අධ්‍යාපනය අවසන් වීම නිසාය. සමහර විට 6 වන ශ්‍රේණියෙන් පසු දරුවා යොමුවන අංශ අනුව පාසැල් වෙනස් වේ. සෑම පාසලක්ම උදේ 8.00 සිට සවස 3.30 හෝ 4.00 දක්වා පැවැත්වේ. එමෙන්ම සියලූම දරුවන්ට එක හා සමාන පෝෂ්‍යදායි ආහාර විලක් පාසැල වේලක් මඟින් සපයයි. පාසැල අවසන් වූ පසු ගුරු මණ්ඩලය සවස 5.00 වනතුරු පාසලේ නැවති. දරුවන්ගේ පොත් බැලීම ආදිය සිදු කළ යුතුය. එහි උපකාරක පන්ති කියා දෙයක් නැත. සෑම දරුවෙක්ම පාහේ නොයෙක් භාහිර ක‍්‍රියාකාරකම් සඳහා සවස ඒ ඒ ආයතනවලට සම්බන්ධ වෙති.

තවද ටෝකියෝ නගරයේ දරුවෙකුට තිබෙන සෑම අධ්‍යාපන පහසුකමක්ම ඈත පිටිසර ගම්බද පාසලකත් තිබේ. මාධ්‍ය හරහා මා දුට දෙයක් මෙහිදී කිව යුතුය. එම ග‍්‍රාමීය පාසැලේ ළමයින් සිටියේ දෙලොද් දෙනෙක් පමණි. වාර්ෂික ක‍්‍රීඩා උත්සවය පැවැත්වූයේ එම ගමේ සියළුම වැඩිහිටියන් සහභාගීකරගත් තරඟ වලිනි. ජපානයේ නොමළයේ අධ්‍යාපනය නැතිබවද සඳහන් කළ යුතුය. මා ලද අත්දැකීම් කියා නිමකළ නොහැකි තරම්ය. අපගේ මව්බමත් මෙවන් ආර්ථික සහ සාමාජික මට්ටමක් කරා ඉදිරියට පැමිණේවා යැයි මා පතමි.

සටහන
රන්සිරිනි වික‍්‍රමසිංහ

Recommended For You

About the Author: Editor