
13 වැනි සඳුදා දැවැන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි අංශ වාර්තා කර ඇතැයි ඇතැම් ජනමාධ්‍ය සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නැතැයි යුද්ධ හමුදාපතිවරයා අවධාරණය කරයි.
ජාතික රූපවාහිනිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡවකට එක්වෙමින් (අද රාත්‍රි 08.00) යුද්ධ හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ යුද්ධ හමුදාපතිවරවා කියා සිටියේ තහවුරු නොකළ, රජයේ හා විදේශ බුද්ධි අංශ වාර්තා යැයි උපුටා දක්වන මේ තහවුරු නොකළ වාර්තා ගැන කිසිසේත් ජනතාව කලබල නොවිය යුතු බවයි.
ශ්‍රී ලංකා පොලිසිය ඇතුළුව ත්‍රිවිධ හමුදාව විසින් ජාතික ආරක්ෂාව තහවුරු කර ඇතැයි අවධාරණය කළ යුද්ධ හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ජනතාව ද එවැනි තහවුරු නොකළ මූලාශ්‍ර පිටුපස හඹායාම මෝස්තරයක් වී ඇති බවයි.
මේ තත්ත්වය තුළ බොරදියේ මාළු නොව නැව් බාන අයත් සිටින බව යුද්ධ හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිිටියා.