
ක්‍රමානුකූලව මාර්ග පද්ධතිය දියුණු කරමින් නගර දියුණු කිරීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
අගැමතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පැවැති ”හදවත් යා කරන රන් මාවත් මාර්ග සංවර්ධන ජාතික වැඩසටහනේ ” සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනුයි.
මහා මාර්ග, මාර්ග සංවර්ධන හා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘හදවත් යා කරන රන් මාවත් ව්‍යාපෘතිය හරහා රත්නපුර දෙමුවාවත වසර 75 ක් පැරණි කම්බි පාලම වෙනුවෙන් මංතීරු දෙකකින් යුත් නව පාලමක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා.