
හලාවත නගර ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ හෙට (13) පෙරවරු 6.00 දක්වා මෙලෙස පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇති බවයි.
පොලිස් මූලස්ථනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වෙනවා.