ඇමෙරිකාවේ සම්බාධක හමුවේ ඉරානය දැඩි පීඩනයක

“යුද්ධය තියෙන කාලයේ අපේ බැංකුවලට ප්‍රශ්න තිබුණේ නැහැ. තෙල් වෙළඳාමට, ආනයන අපනයන කටයුතුවලට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ආයුධ මිල දී ගැනීම සඳහා පමණයි තහංචි තිබුණේ” ඉරාන ජනාධිපති හසාන් රුහානි ටෙහෙරාන් නුවර දී දේශපාලන ක්‍රියාධරයන් අමතමින් ඉරානය වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික පීඩනය ඉහත සඳහන් ආකාරයෙන් වචනවලට පෙරළුවේය.

ඇමෙරිකාව විසින් ඒකපාර්ශ්විකව ක‍්‍රියාත්මක කරන දැඩි ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් ඉරානය “මෙතෙක් නොවූ විරූ මට්ටමින්” පීඩනයකට ලක් වී ඇති බව හෙළි කළ ඉරාන ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජනපදය නැවත ක්‍රියාත්මක කළ සම්බාධක හේතු කොට ගෙන 1980-88 කාලයේ ඉරාකය හා යුද වැදී සිටි සමයේ පැවති තත්වයටත් වඩා ඉරානයේ ආර්ථිකය නරක තත්වයකට පත්ව ඇති බවය.

ඉරාන ජනපතිවරයා මේ බව කියා සිටියේ ඉරානය සහ ඇමෙරිකාව අතර යළි යුද ආතතියක් නිර්මාණය වෙමින් තිබෙන පසුබිමකය. ඒ අතර ඉරාන ජනපතිවරයා අභ්‍යන්තර වශයෙන් ද දැඩි පීඩනයකට මුහුණ දී සිටී.

Recommended For You

About the Author: Editor