කොච්චිකඬේ බෝම්බකරු පැමිණි වාහනය සැකසු සැකකරු ගැන තොරතුරු ඕනෑ – Tp 0112422176 / 0112392900

කොච්චිකඬේ බෝම්බ ප‍්‍රහාරයට (පසු දින 22) පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුගේ වාහනය සැකසූ පුද්ගලයා ගැන තොරතුරු ඇතොත් වහාම පොලිසීයට දැනුම් දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.

අද පැවැති මාධ්‍ය හමුවේදී ගුණසේකර මහතා ඒ බව ප‍්‍රකාශ කළා. තව දුරටත් මේ ගැන කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා,

අප්‍රෙල් 21  කොච්චිකඩේ බොම්බ ප්‍රහාරයට පැමිණි බෝම්බකරු පැමිණි අංක WP PJ 4080 වෑන් රථයේ ලියාපදිංචි අයිතිකරු වූයේ කිංග්ස්බරි හෝටයේ බෝම්බ පිපිරවූ බෝම්බකරු වූ මොහොමඩ් අසාම් මොහොමඩ් නිසාම් යන අයටයි. එම වෑන් රථය ද කොච්චිකඩේ ප්‍රහාරයෙන් පසු පිපිරීමකට ලක් කිරීමට බොම්බ සහිතව සූදනම් කර තිබුණා. පසු දින (22) එය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් එම වෑන් රථය ආරක්ෂා සහිතව  පුපුරුවා හැරියා.

මෙම වෑන් රථය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගමට පරීක්ෂණ සිදු කළා. එහිදි අනාවරණය වූයේ වෑන් රථයේ ලියාපදිංචි අයිතිකරු සමඟ මෙම වෑන් රථය මිලදී ගැනීමට හා ආසන සකස් කිරීමට තවත් තැනැත්තෙක් සම්බන්ධ වී තියෙනවා.

ඒ තැනැත්තා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ අනුව ඔහුව දැක තිබුණු සාක්ෂිකරුවන් 04 දෙනෙකුගේ ප්‍රකාශ අනුව ඔහු වයස අවුරුදු 35- 40 අවධියේ පසුවන, කෙට්ටු සිරුරක් සහිත, උස අඩි 05යි අඟල් 6ක් පමණ වූ මුහුණ පුරා රැවුල වවා ඇති, තලෙලු පැහයෙන් වූ පුද්ගලයෙන්. එක් එක් සාක්ෂි කරුවන්ගේ ප්‍රකාශ අනුව පොලිස් අපරාධ වාර්තා කොට්ටාශයේ පොලිස් නිලධාරියෙක් විසින් සැකකරුගේ රුවට සමාන චිත්‍ර 04ක් අඳිනු ලැබුවා.    

මේ පුද්ගලයා පිළිබඳ තොරතුරු 0112422176  / 0112392900 යන අංක ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දෙන්න.

Recommended For You

About the Author: Editor