
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරු 07.35ට යූ.එල් 302 දරණ ගුවන් යානයෙන් මහජන චීනය බලා පිටත් වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
අද දින සිට 16 වැනිදා දක්වා දින තුනක් ජනපතිවරයා චීනයේ ගත කරන අතර එහිදී ජනපතිවරයා මෙම සංචාරයේදී චීන ජනපති සහ අගමැති සමග නිල සාකච්ඡුා පැවැත්වීමට නියමිත බව ද සඳහන් වේ.