
සියලූම සමාජ මාධ්‍ය ජාල නැවත දැනුම් දෙන තුරු අවහිර කිරීමට රජය පියවර ගෙන තිබේ. ඊයේ හලාවත ඇතුළු ප්‍රදේශ රැසක උද්ගත වූ නොසන්නුතාව පාලනය කිරීමේ පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බව රජය පවසයි.
රජයේ මෙම තීරණයට සමාජ මාධ්‍ය ජාල ආශ්රිත ව්‍යාපාරිකයින් සහ සමාජ ක්‍රියාකාරීහු දැඩි විරෝධය පළ කරති. එහෙත් මේ සම්බන්ධ මධ්‍යස්ථ නිරීක්ෂකයින්ගේ අදහස වන්නේ සමාජ මාධ්‍ය ජාල තුළ වේගයෙන් ව්‍යාප්ත වන වෛරී ප්‍රකාශ සහ සාවද්‍ය පුවත් නිසා සමාජය තුළ මේ වන විට බරපතළ නොසන්සුන්තාවක් නිර්මාණය වී ඇති බවයි.
මේ අතර සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ‘‘ශ්‍රී ලංකා පරිවර්තන සමූහය’’ කියන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු බෙදා හරින්නේ සංවිධනාත්මක කුඩා කණ්ඩායමක් විසින්’’ බවයි.