
මීට ස්වල්ප වේලාවකට පෙර කුලියාපිටිය, බිංගිරිය, දුම්මිලසූරිය සහ වාරිපොළ පොලිස් බල ප්රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය හෙට අළුයම 04.00 දක්වා රස්නායකපුර සහ කොබෙයිගනේ පොලිස් බල ප්රදේශවලට ද පැනවූ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
එම ප්රදේශවල ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.