ආරක්ෂක අංශ වාහන නවත්වන ලෙස සංඥා කළොත් වහාම වාහන නවත්වන්න – පොලිස් මූලස්ථානය

මාර්ග බාධකයකදී වෙනත් වෙනත් ස්ථානයකදී වාහනයක් නවත්වන ලෙස ආරක්ෂක අංශ විසින් සංඥා කළහොත් වාහනය නතර කර ආරක්ෂක අංශවලට සහාය ලබා දෙන පොලිස් මූලස්ථානය සියලූම රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මෙහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මේ වන විට පොලිසිය සහ ආරක්ෂක හමුදා රට පුරාම විවිධාකාරයේ සෝදිසි මෙහෙයුම් සහ ආරක්ෂ මෙහෙයුම් සිදු කරන බවත් එහිදී ක්ෂණික මාර්ග බාධක යෙදවීමට සිදුවන බවත්ය.

එහිදී රියැදුරන්ට සිදුවිය හැකි ගැටලූ පහසුවෙන් මගහරහා ගැනීම සඳහා මෙම ඉල්ලීම කළ බව පොලිස් මූලස්ථානය වැඩි දුරටත් සඳහන් කරනවා.

Recommended For You

About the Author: Editor