
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනිය JUANA ELENA RAMOS RODRIGUEZ මැතිණිය සමඟහමුවක් අද (14 ) දා බත්තරමුල්ල, සෙත්සිරිපාය (ii අදියර ), 11 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්තාවට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රන්ජිත් මහතාද සහභාගි විය.එහිදී උතුරු නැගෙනහිර ඇතුළු ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකම පොල්ක්ෂේත්රය නංවාළීමට කියුබානු රජයේ සහය ලබා දීම පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් සිදු කෙරිණී.