
දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර CID ය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද කුරුණෑගල පොලිසියට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
මේ අතර මහසෝන් බලකායේ නායකයා යැයි කියන අමිත් වීරසිංහ නමැත්තාද විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් තෙල්දෙණිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
පොලිස් ඇදිරි නීතිය කඩකල කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලියන් 22 දෙනෙකු මාරවිල හා මිනුවන්ගොඩ ප්රදේශවලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිසිය සඳහන් කරනවා.