පොලිස් ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වන්නේ මෙහෙමයි

වයඹ පළාත තුළ ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද ප.ව.4.00 ට ඉවත් කර ඉන් අනතුරුව අද සවස 6.00 සිට හෙට උදෑසන 6.00 තෙක් නැවත ක්‍රියාත්මක වෙනවා.

ගම්පහ පොලිස් කොට්ඨාශය  සැලකීමේදී පොලිස් වසම් කිහිපයක් තිබෙනවා. ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය,මීරිගම, නිට්ටඹූව, වේයන්ගොඩ, පූගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලේවෙල සහ යක්කල යන වසම්. ඒ අනුව, ගම්පහ පොලිස් කොට්ඨාශයට අද රාත්‍රී 7.00 සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා.

ඊට අමතරව සෙසු ප්‍රදේශවලට අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ආරක්ෂක කටයුතු වලට, මෙහෙයුම් හා අත්අඩංගුවට ගැනීම් වලට රුකුලක් වශයෙන්  සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙසේ ඇඳිරි නීතිය පණවා තිබෙනවා. සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා රටේ සාමය ආරක්ෂා කිරීම සඳහා සිය සහාය ලබා දෙන්න කියා.

Recommended For You

About the Author: Editor