
ඉස්ලාම් පල්ලිවල සිකුරාදා දිනයේ සිදුකරන ආගමික වතාවත් අරාබි භාෂාවෙන් නොව සිංහල භාෂාවෙන් සිදු කරන ලෙස උපදෙස් ලබා දුන් බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පවසනවා.
ඊයේ මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළා. මෙහිදී ඇමැති හලීම් වැඩි දුරටත් සඳහන් කළේ මදසා පාසල් 317ක් ලංකාවේ ඇති බවත් ඒවා විධිමත්ව පාලනය කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීමට පියවර ගන්නා බවත්ය.