ඇමෙරිකාව සමග යළි වෙළෙඳ යුද්ධයක් නැහැ – චීන ජනපති කියයි

ඇමෙරිකාව සමග යළි වෙළෙඳ යුද්ධයක් ඇතිවීමට ඉඩ නොතබන බව චීන ජනාධිපති ෂී ජින්ෆින් අවධාරණය කරනවා.

මේ දිනවල චීනයේ පැවැත්වෙන ආසියානු ශිෂ්ඨාචාරයන් පිලිබඳ ජාත්‍යන්තර සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා.

චීනයෙන් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බදු, නැතහොත් ඩොලර් බිලියන 200ක තීරු බදු පැනවීමට ඇමෙරිකානු ජනපතිවරයා තීරණය කිරීම සමග යළිත් ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධයක් ඇතිවනු ඇතැයි බොහෝ දෙනෙක් සැක පහළ කළා. එහෙත් චීන ජනපතිවරයා කියන්නේ පවතින තත්ත්වය පිළිබඳව තව දුරටත් ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

Recommended For You

About the Author: Editor