

කොච්චිකඬේ ප්‍රදේශයේ මරාගෙන මැරෙන වෑන් රථ බෝම්බය සඳහා අදාළ වෑන් රථය මිලදී ගැනීමට උපකාර කළ සහ එහි ආසන සකස් කිරීමට සහාය වූ බවට සැක කළ නව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඞ් ආදම් ලෙබ්බේ නැමැති පුද්ගලයා අද නව කාත්තන්කුඩි ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ආරක්ෂක මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.