
වෙසක් පොහොය වෙනුවෙන් (17) සිට සඳුදා (20) දක්වා දිවයිනේ සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනය සඳහන් වෙනවා.
එම කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන ස්ථාන සහ පුද්ගලයින් සොයා වැටලීම් කි්රයාත්මක කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙන බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.