සුුරක්ෂිත රටක් සඳහා එක්ව පියනගමු

‘‘ජාතික මග මහජන ව්‍යාපාරයේ’’සමාරම්භක මහා සමුළුව ඊයේ (14* කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී ජනගත කරන ලද යෝජනා ඇතුළත් සම්පූර්ණ වාර්තාව පහත පළවේ.

පාස්කු ඉරිදා එල්ලවූ ප‍්‍රහාරයත් සමග ශ‍්‍රී ලංකාව නැවතත් ත‍්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වී
ඇත. දශක ගණනාවක් අපේ රටේ ජනතාව මරණයෙන්, අතුරුදහන්වීම් වලින්, ශරීර අංග අහිමි
වීමෙන්, පවුලේ අය හා ඥාතීන්ගේ වියෝවෙන් විඳි මානසික වේදනාවන්, ආර්ථික ව්‍යසනයෙන්,
සමාජ අස්ථාවර භාවයෙන්, ජාත්‍යන්තර අවමානයෙන් සමාජයක් හා රටක් ලෙස විඳි වේදනාවන්
නැවත වතාවක් ඉස්මතු වෙමින් තවත් නොපෙනෙන බියකරු අගාධයකට අපව හා අපේ දරුවන්
ගෙනයා දැයි යන බියජනක සිතුවිලි මුළු සමාජය පුරාම පැතිර යමින් ඇත.

ලේ බිඳක්වත් නොසොල්වා නිදහස ලබාගත්තා යැයි උදම් ඇනූ අපට, ඉන්පසු දශක හතක
කාලය විටින් විට ඇතිවූ ලේ වැගිරීම්වලින් කැලැල් වූ බව පිළිගැනීමට සිදුව තිබේ. පිරිසක්
මෙලොව හැර ගිය අතර, තවත් පිරිසකට මෙලොව මතම දුක් බරිත වේදනා සහිතව ජීවත් වීමට
සිදුව ඇත. තවත් පිරිසක් රට හැර වෙනත් රටක ජීවත් වීමට හිත හදා ගත්තෝය. ආසියාවේ
දිදුලන බලගතු රටක් හා ආඩම්බර ජනතාවක් වීමට සියලූ ඓතිහාසික, භූගෝලීය, සමාජ,
ආර්ථික හා පාරිසරික සුදුසුකම් ලබා තිබුණද අපට ඒ සියලූ අවස්ථා අහිමි වී ඇත.

අප විසින් හා අපගේ පාලකයන් විසින් අමතක කරන ලද සත්‍ය වන්නේ රාජ්‍යයේ ප‍්‍රධාන අරමුණ
පුරවැසි ජීවිත සුරැුකීම බවත්, සමාජයේ සියලූ ආර්ථික, සංස්කෘතික හා දේශපාලන ආයතන
හා වටිනාකම් ගොඩනැගෙන්නේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලද සාමකාමී සමාජයක බවත්ය.

පාස්කු ඉරිදා එල්ල කරන ලද තිරස්චීන, අමානුෂික ප‍්‍රහාර විසින් ජීවිත අනාරක්ෂිත කර ඇති
අතර, ජාතික ආරක්ෂාව පිළිබඳ විශ්වාසය බිඳවැටී, සාමය අනතුරට හෙලා ඇත. සියළු දෙනා
බියට පත්ව ඇති අතර, එම තත්වය තවත් වියරු ප‍්‍රහාර රැුසකට මග පාදන්නක් විය හැකි බව
අපගේ හැගීමයි.

අනෙක් අතින් සිදුවූ තිරස්චීන ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන එකිනෙකාට දේශපාලන අවලාද නැගීමෙන් පලක් නැත. වරද විවිධ පුද්ගලයින් පිට පටවා ඇග බේරා ගැනීමට කටයුතු කිරීම පිළිකුල්ස හගතය. ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හා අමාත්‍යවරු මූලිකවත්, රාජ්‍ය නායකත්වය හා අමාත්‍ය මණ්ඩලයත් මෙයට වගකිවයුතු බව පැහැදිලිය. එමෙන්ම, විවිධ කුමන්ත‍්‍රණ පිළිබඳ කතා නිර්මාණය කර නැවත අපරාධකරුවන්ගේ ස්වරූපය හා අන්තවාදී අරමුණු යටපත් කිරීමටද ඉඩදිය නොහැකිය. එමෙන්ම, පුළුල් සමාජ දේශපාලන විග‍්‍රහයන්ඉදිරිපත් කර සිදුවූ අපරාධයේ වගකීම යටපත් කිරීමටද ඉඩදිය නොහැකිය.

මේ ප‍්‍රහාර නිශ්චිත ලෙසම ඉස්ලාමීය මූලධර්මවාදීන්ගේ ආගමික උන්මත්තක භාවය නිසා සිදුකළ ඝාතන බව නිසැකය. එය පොදුවේ ලාංකික මුස්ලිම් සමාජයේ ඉතා සුළු පිරිසක් වූ උමතු ආගමික මූලධර්මවාදී කල්ලියක්, ජාත්‍යන්තර ත‍්‍රස්ත සංවිධානයක් අනුව යමින් සිදුකළ ඝාතන ක‍්‍රියාවලියක් බවද පැහැදිලිය.

ශ‍්‍රී ලංකාව පසුගිය දශක ගණනාවක කාලය තුළ ලේ වැකුණු සන්නද්ධ ක‍්‍රියාවලීන් ගණනාවකට
මුහුණදී ඇත. කලක් අපි දේශපාලන මතවාදයක් ඔස්සේ මෙහෙයවන ලද සන්නද්ධ විප්ලවයක්
තුළින් සමාජය වෙනස් කිරීමට තැත් කරවන ලද ගැටුම් ගණනාවකට මැදිව සිටියෙමු. ඉන් පසුව
භාෂාව මත පදනම් වූ ජනවර්ගය හෝ ජාතිකත්වය මත ගොඩනැගුණු බෙදුම්වාදී සන්නද්ධ
ගැටුමකට මැදිවී සිටියෙමු. ඒ සෑම විටම රටේ දේශපාලන, ආර්ථික, සමාජ වටපිටාව හා
සුසමදර්ශය ගොඩනැගුනේ එකී ගැටුම මැදිකරගෙනය. දැන් අප විසින් ආගම පදනම් කරගත්
නව සන්නද්ධ ගැටුමකට මුලපුරා ඇත. මෙකී තත්වය විසින් නව දේශපාලන, ආර්ථික, සමාජයීය
ගැටුම් සහිත වටපිටාවක් නොහොත් සුසමදර්ශයක් නිර්මාණය වීමට ඉඩඇත.

පළමුව ආණ්ඩුව හා ආරක්ෂක අංශ දෙවැනි ප‍්‍රහාර වටයක් ඇතිවීම වහාම වැළැක්විය යුතුය.
එමෙන්ම, මෙවැනි විනාශකාරී සමූහ ඝාතනයන් සිදුව තිබියදීත්, ඉවසීමෙන් ක‍්‍රියා කිරීම ගැන
ක‍්‍රිස්තියානි ප‍්‍රජාව හා ඔවුන්ගේ ආගමික නායකත්වයන්ටත්, ප‍්‍රහාරකයන් නිශ්ක‍්‍රීය කිරීම සඳහා
ක‍්‍රියාකළ ආරක්ෂක අංශවලටත් අපගේ ප‍්‍රණාමය පලකළ යුතුය.

කෙසේ වෙතත්, මේ සිදුවීම් සමග ලංකා දේශපාලනයේ නව ලේ වැකුණු පරිච්ෙඡ්දයක් අභිමුව
ඇත. ඒ හා සමගම සමාජය හා ආණ්ඩුව නිශ්ක‍්‍රීය වුවහොත් ඉස්ලාමීය අන්තවාදයන්ටත්,
එයට පිළිතුරු දීමට ඉදිරිපත් වන වෙනත් ආගමික අන්තවාදයනුත් බිහිවී ජනතාව එකිනෙකාට
එරෙහිව අවි අමෝරා ගත් තත්ත්වයක් නිර්මාණය වනු ඇත. රට ආර්ථික අතින් බංකොළොත්
වනු ඇත. සමාජමය වශයෙන් බෙදී යනු ඇත. ඇති හැකි පිරිස් විදේශවලට පලා යනු ඇත.
ප‍්‍රචණ්ඩ ඒකාධිපති දේශපාලන නායකත්වයන්ට රට යට වනු ඇත.

එහෙයින්, රජය මෙන්ම දේශපාලන පක්ෂ හා සංවිධානයන්, ආගමික නායකයන් හා සිවිල් සමාජ
කණ්ඩායම් ඒ ලේ වැකුණු බියකරු අනාගතය වළක්වා ගැනීමට ක‍්‍රියාකළ යුතුය.

මතු වී ඇති අනාරක්ෂිත තත්ත්වය ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය නිසි පරිදි යෙදවීමෙන් පියමං
කරගත හැකි බව විශ්වාස කරමින්, ඒ සඳහා දිරිදෙන ශක්තිමත් ප‍්‍රඥාසම්පන්න සිවිල් මහජන
ව්‍යාපාරයක් ලෙස ජාතික මග මහජන ව්‍යාපාරය කටයුතු කරනු ඇත.

ඒ අනුව ජාතික මග මහජන ව්‍යාපාරය වශයෙන් ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය රකින
ආයතන රජය සමග එක්වී කඩිනමින් සිදුකළ යුතු දේ මෙලෙස යෝජනා කරමු.

1 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා හදිසි නීතිය වගකීම් සහගත ලෙස යොදා ගනිමින් මෙකී ප‍්‍රහාරයේ වගකිව යුත්තන් හා අනාගතයේදී එවැනි ප‍්‍රහාර සැලසුම් කරමින් ඇති පුද්ගලයින් නිෂ්ක‍්‍රීය කිරීමට කටයුතු කළ යුතුය.

2 සියලූම ආකාරයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන් සිදුකරන සංවිධාන, ඒවාට අනුබල ලබා දෙන හා ඒවාට අනුබද්ධිත ආයතන ද, විදේශීය ත‍්‍රස්තවාදීන් සමග ගනුදෙනු කරන බවට සාධක සහිත ආයතන ද වහාම තහනම් කළ යුතුය. එමෙන්ම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සඳහා ජනතාව පොළඹවන, වෛරී ප‍්‍රකාශ කරමින් සාමය කඩකරන, සියලූ ආගම් හා මතවාදවලට අයත් පුද්ගලයින් හා සංවිධාන වෙතොත් ඒවා ද නීති විරෝධී කර නිෂ්ක‍්‍රිය කළ යුතුය.

3 අවම වශයෙන් සමස්ත තත්ත්වය සමහන් වන තුරු රටේ ජාතික ආරක්ෂාව සහ දේශපාලන ස්ථාවරත්වය ලෝකයටත්, ජනතාවටත් පෙන්නා දීමට ජනපති, අගමැති හා විපක්ෂ නායත ඇතුළත් වූ නව ආරක්ෂක මණ්ඩලයක් පිහිටුවිය යුතුය.

එම ආරක්ෂක මණ්ඩලය යටතේ සියලූම බුද්ධි අංශ තොරතුරු කළමනාකරණයට
කරන එක් මධ්‍යස්ථානයක් හා එය භාරව කටයුතු කරන අත්දැකීම් හා කුසලතා
පූර්ණ පුද්ගලයෙකු පත්කළ යුතුය.

එම ආරක්ෂක මණ්ඩලය යටතේ පොලීසිය හා ත‍්‍රිවිධ හමුදාව මෙහෙයුම් සඳහා
යොදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතුය.

එම ආරක්ෂක මණ්ඩලය යටතේ නිවැරදි තොරතුරු ජනතාවට ලබාදෙන ජාතික
ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතු අතර, රාජ්‍ය, පුද්ගලික හා සමාජ
මාධ්‍ය ජාලා සඳහා වගකීම් සහගත මාධ්‍ය මාර්ගෝපදේශනයක් ලබාදිය යුතුය.

එම ආරක්ෂක මණ්ඩලය විටින් විට රටේ ආරක්ෂක තත්ත්වය ඇගැයීමට ලක් කර
එම තත්ත්වයට ගැලපෙන පරිදි ආරක්ෂක විධිවිධාන හා පෞද්ගලික නිදහස අතර
සමබරතාවක් පවත්වා ගත යුතුය.

4 විදේශ රටවල බුද්ධි අංශ හා තොරතුරු සේවා සමග අඛණ්ඩ සබැඳියාවක් පවත්වා ගත යුතු අතර, කිසිදු විදේශීය රටකට ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්වය කඩවන අයුරින් ආරක්ෂක කටයුතුවලට මැදිහත් කර නොගැනීමට ආණ්ඩුව සහ ආරක්ෂක මණ්ඩලය වගබලා ගත යුතුය.

විදේශ අමාත්‍යාංශය සක‍්‍රීය කර රට පිළිබඳව හා ප‍්‍රහාරයන් පිළිබඳව නිවැරදි
තත්ත්වයන් තානාපති අංශ හරහා ජාත්‍යන්තර මාධ්‍ය හා මානව හිමිකම් ආයතන
වලට අඛණ්ඩව ලබාදිය යුතුය.

ගෝලීය ත‍්‍රස්තවාදය ඔඩුදුවා ඇති රටවලින් අප රටට පැමිණෙන පිරිස් සඳහා තදබල
නීති සහිත වීසා ප‍්‍රතිපත්තියක් අනුගමනය කළයුතු අතර, විධිමත් වීසා නොමැතිව
රට තුළ රැුඳී සිටින පිරිස් වහාම හඳුනාගෙන රටින් පිටුවහල් කළ යුතුය.


සංචාරක හෝ වෙනත් වීසා මගින් පැමිණ ශ‍්‍රී ලංකාව තුළ අන්තවාදී ආගමික
මතවාදයන් පතුරුවා හැරීම වැළැක්විය යුතු වන අතර, එවැන්නන් වාර්තා වූ වහාම
රටින් පිටුවහල් කළයුතුය.

අන්තර්ජාලය තුළ ස්ථාපනය වී ඇති විවිධ සමාජ ජාල යෙදවුම් වල ක‍්‍රියාකාරිත්වය
විශ්ලේෂණය හා නියාමනය සඳහා විශේෂ මධ්‍යස්ථානයක් විසි හතර පැය
පුරා පවත්වා ගත යුතුය. ඒ අතර, සාමයට සහ ජාතික සමගියට බාධා කරන
සන්නිවේදකයින් හඳුනාගෙන පළමුව ඔවුන්ගේ සන්නිවේදනය අවහිර කිරීමත්,
දෙවනුව එවැනි ක‍්‍රියාකාරිකයින්ට ඒරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමත් කළ යුතුය.

5 ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රධානතම අවිය නීති විරෝධී මූල්‍ය සංසරණයයි. ත‍්‍රස්ත ක‍්‍රියාවලිට සම්බන්ධ අයගේ සියලූම ඍජු හා වක‍්‍ර ගිනුම්, නිශ්චල හා චංචල දේපොළ හඳුනා ගෙන රාජසන්තක කිරීම කළ යුතුය. එමෙන්ම රට තුළ ස්වේච්ඡුා සංවිධාන ලෙස ක‍්‍රියාත්මක වෙමින් අන්තවාදයට, ත‍්‍රස්තවාදයට අරමුදල් සම්පාදනය කරන ආයතන හඳුනා ගෙන නිෂ්ක‍්‍රිය කිරීමට ද, සමාජයට සාධාරණ ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිටිමින් නීති විරෝධී භාණ්ඩ හා සේවා සපයමින් අන්තවාදය හා ත‍්‍රස්තවාදය පෝෂණය කරන පිරිස් හඳුනා ගෙන දැඩිව පියවර ගැනීම ද කළ යුතුය.

මේ සඳහා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය, ශ‍්‍රී ලංකා රේගුව, දේශීය ආදායම්
දෙපාර්තමේන්තුව, වරාය හා ගුවන් තොටුපල පර්යන්ත හා නිෂ්කාශන යන
ක්ෂේත‍්‍රයන් පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් කළ යුතුය.

6 ඉතා සුුළු අන්තවාදීන් පිිරිස නිෂ්ක‍්‍රිය කිරීමේ වැඩි වගකීමක් අපගේ සාමයට ලැදි මුස්ලිම් ප‍්‍රජාව විසින් ද බාර ගත යුතුය. අන්තවාදීන් පිළිබඳ නිශ්චිත තොරතුරු ආරක්ෂක අංශවලට ලබාදීමේ, විධිමත් ක‍්‍රියාවලියක් සංවිධානය කිරීම සාමය අගයන ඉස්ලාම් නායකයින්ගේ අත්හල නොහැකි වගකීමක් බව ද පෙන්වා දෙන්නෙමු.

එමෙන්ම, දැනටමත් අන්තවාදී වී සිටින පිරිස්, අන්තවාදී ක‍්‍රියා නිසා අත් අඩංගුවේ
පසුවන පිරිස් නිර්රැඩිකල්කරණයකට නතු කිරීමේ වැඩපිළිවෙලක් රජය සමග එක්ව
ක‍්‍රියාත්මක කිරීමට පෙරමුණ ගතයුතුය.

මුස්ලිම් නොවන සමාජය සමග මානව සබඳතා හා සහජීවනය ශක්තිමත් කරලීම
සඳහා මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙස
සකසා ගැනීම සඳහා ස්ථිර ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම, ගොඩනැගෙමින් ඇති
හා ගොඩනැගී ඇති ආගමික විශ්ව විද්‍යාල හා පාසල් රටේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන
කොමිසම හා අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරීම සඳහා ඔවුන් විසින් සක‍්‍රීය ලෙස
දායක විය යුතු යැයිද යෝජනා කර සිටිමු.

සිය දේවස්ථානවල ක‍්‍රියාකාරකම් විවෘතව හා පාරදෘශ්‍යව පවත්වා ගනිමින් ආරක්ෂක
අංශවලට සහාය ලබාදීමටද ඉස්ලාමීය ආගමික නායකත්වය හෘදයාංගමව එක්විය
යුතුය.

කවර ආකාරයක හෝ අවි ගබඩා පවත්වා ගැනීමට ක‍්‍රියාකරන ආගමික ස්ථානවලට
එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය.

7 සියලූම දේශපාලන පක්ෂ හා සංවිධාන, පුද්ගලයින් අත්අඩංගුවට ගත් කළ, බලපෑම් කිරීමෙන් වැළකීමෙන් හා වෙනත් සෑම ආකාරයකින්ම ආරක්ෂක අංශවලට සහාය දිය යුතුය.

සියළු ජනතාව පාසලේ, කාර්යාලයේ, වැඩබිමේ සහ නේවාසික ස්ථානවල ආරක්ෂණ
කමිටු පිහිටුවා ආරක්ෂක අංශ සමග සම්බන්ධ විය යුතුය.

දේශපාලන පක්ෂ, සංවිධාන, වෘත්තීය සමිති, සිවිල් හා ස්වේච්ඡා සංවිධාන රටේ
ජාතික ආරක්ෂාව හා සාමය ප‍්‍රමුඛතාව ලෙස සලකා ක‍්‍රියාකළ යුතුය.

රාජ්‍ය සහ පුද්ගලික ජන මාධ්‍ය තර`ගකාරිත්වය සඳහා නොව, ජාතික ආරක්ෂාව හා
සාමයට මුල් තැන දී ක‍්‍රියාකරන මාර්ගෝපදේශයන්ට යටත්ව කටයුතු කළ යුතුය.

වෘත්තීය සංවිධාන, ව්‍යාපාරික සංවිධාන, රාජ්‍ය හා පුද්ගලික ආයතන, තමන් සමග
සිටින ආගමික උමතුව සහිත පුද්ගලයින් හා වෛරී ප‍්‍රකාශ කරන්නන් පිළිබඳව
වගකීමකින් යුතුව නිරීක්ෂණය කර ආරක්ෂක අංශවලට වාර්තා කළ යුතුය.

රටේ අධිකරණ පද්ධතිය හා නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන ත‍්‍රස්තවාදයට සම්බන්ධ
පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග පමාවකින් තොරව කාර්යක්ෂමව සිදු
කිරීමට සියලූ පියවර ගත යුතුය.

Recommended For You

About the Author: Editor