IPL සල්ලි ගස් සෙලවුණ හැටි

ඉන්දීය ප‍්‍රිමීයර් ලීග් නැතහොත් ප‍්‍රකට IPL නිමාවට පත් වුණේ ක‍්‍රිකට් වංශ කතාවට තවත් පුරාවෘත්ත රැසක් එක් කරමින්. ඒ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබා දුන් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් පුරාවෘත්තයක් බඳු ලසිත් මාලිංග සේම තවත් පිතිකරුවන්, පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් ද රැසක් සිටිනවා.

මේ අතර ලෝකයේ බොහෝ දෙනකුගේ අවධානය යොමු වූ කරුණක් වුණේ මේ තරගාවලියේ ජයග‍්‍රාහකයින්ට, සුවිශේෂ ක‍්‍රීඩකයින්ට කොච්චර විතර ගාණක් (මුදලක්) ගෙව්වා ද ? යන්නයි. ඊට හේතුව වුණේ ඉන්දීය ප‍්‍රිමීයර් ලීග් කියන්නේ සල්ලි කන්දක් කියලා බොහෝ දෙනෙක් සිතා ගෙන සිටීම විය හැකියි.

කොහොම වුණත් තරගාවලිය අවසානයේ විවිධාකාරයෙන් බෙදී ගිය සල්ලි සහ තෑගි කන්දරාව දිහා බලන කොට අයි.පී.එල් කියන්නේ සල්ලි ගස් සෙලවීමක් කියන කතාවත් අහක දාන්න නම් බැරි බව පේනවා. ඒකට හොඳම උදාහරණ තමයි මේ,

ජයග‍්‍රාහී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් මිලියන 200ක් ලැබුණා.

අනුශූරයින් වූ චෙන්නායි කණ්ඩායමට ඉන්දීය රුපියල් මිලියන 125යි

තරගාවලියේ වටිනාම ක‍්‍රීඩකයා සහ ප‍්‍රහාරාත්මක ක‍්‍රීඩකයාට ඉන්දීය රුපියල් මිලියනයක් සහ මෝටර් රථයක් හිමි වුණා. එය දිනා ගත්තේ කොල්කටා කණ්ඩායමේ ‘‘ඔන්දි රසල් ’’ විසිනුයි.

වැඩිම කඩුලූලාභියාට (දම්පැහැ හිස්වැස්ම) ඉන්දිය රුපියල් මිලියනයයි. මෙය දිනා ගත්තේ චෙන්නායි පිලේ ‘‘ඉම්රාන් තහීර්’’

වැඩිම ලකුණුලාභියාට (තැඹිලි පැහැ හිස්වැස්ම) ඉන්දීය රුපියල් මිලියනයයි. මෙය දිනාගත්තේ හයිද්‍රාබාද් පිලේ ‘‘ඬේවිඞ් වෝනර්’’

තරඟාවලියේ අලංකාරම ක‍්‍රීඩකයා වූ පන්ජාබ් කණ්ඩායමේ ලෝකෙෂ් රාහුල් ඉන්දිය රුපියල් මිලියනයක හිමිකරු වුණා.

තරගාවලියේ තරග වෙනස් කරන්නාට ඉන්දීය රුපියල් මිලියනයක් හිමි වුණා. වාසනාවන්තයා වුණේ මුම්බායි පිලේ ‘‘රාහුල් චාහර්’

තරගාවලියේ සාර්ථකම උඩ පන්දු රැකීමට ඉන්දිය රුපියල් මිලියනයක් හිමිවූ අතර එය දිනා ගත්තේ මුම්බායි කණ්ඩායමේ ‘‘කිරාන් පොලාඞ්.

තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයට ලැබුණු මුදල ඉන්දීය රුපියල් මිලියනයක් වූ අතර එයට හිමිකම් කීවේ මුම්බායි පිලේ ‘‘හාඩික් පාන්ද්‍යා’’

තරගයේ වීරයාට ද ඉන්දිය රුපියල් මිලියනයක් හිමි වූ අතර එය දිනා ගත්තේ මුම්බායි පිලේ ‘‘ජස්ප‍්‍රිට් බුම්රාන්’’

තරගාවලියේ නැඟී එන ක‍්‍රීඩකයාට ඉන්දිය රුපියල් මිලියනයක් හිමි වූ අතර එය දිනා ගත්තේ කොල්කටා පිලේ ‘‘ශුබිවහ් හීල්’’

තරගාවලියේ සංවරම කණ්ඩායම බවට පත් වුණේ ‘‘සන්රයිස් හයිද්‍රාබාද්’’ වන විට හොඳම විකට්ටුව සහ ක‍්‍රීඩාංගනය වුණේ ‘‘මොහාලි සහ හයිද්‍රාබාද්’’

මීට අමතරව ඒ ඒ ක‍්‍රීඩකයා වෙන්දේසි වූ මුදල ද ගත් විට අයි.පී.එල් ඇත්තටම සල්ලි ගස් සෙලවීමක්ම තමා.

ඒත් ඇත්තම කතාව තමයි මේ ජයග‍්‍රහණ සියල්ල අසීමිත කැපකිරීම හා සුපිරි දක්ෂතාව නිසා ම දිනාගත් බව. මේ ජයග‍්‍රහණ පිටුපස වෙනත් කිසිදු අදෘශ්‍යමාන බලවේගයක් තිබුණේ නැහැ. තිබුණේ කැපකිරීම, සාමුහිකත්වය හා දක්ෂතාවම පමණයි.

සටහන
කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor