ආරක්ෂත තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාව : අවස්ථාවාදීන්ට යළි අනතුරු අඟවයි

ප්‍රඩන්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වී පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් යම් දිනෙක විදේශ ගත වීමට හෝ රැකියාවකට යාමට හෝ වෙනත් කටයුත්තකට හෝ පොලිස් වාර්තාවක් ඉල්ලූ විට එම තැනැත්තා අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිස් වාතර්තාවල සඳහන් කිරීමට සිදු වෙනවා යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව ප‍්‍රකාශ කළේ රටේ පවතින තත්ත්වය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේදීය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේ ද කීවේය.

ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට සම්බන්ධ සැකකරුවන්ට පොලීසියට භාර විය හැකියි

වයඹ පළාත තුළත් ඒවගේම මිනුවන්ගොඩ ප‍්‍රදේශය තුළත් සිදුවුණු ඒ ප‍්‍රචණ්ඩක‍්‍රියා පිළිබඳ විමර්ශන දිගටම සිදුවෙනවා. මේවාට සම්බන්ධ වූ පුද්ගලයින් පිළිබඳව සෙවීම සඳහාත් ඒවගේම මේ ප‍්‍රචණ්ඩකි‍්‍රයා සැලසුම් කරන ලද තැනැත්තන් පිළිබඳව සොයාබැලීම සඳහාත් බුද්ධි අංශ නිලධාරීන් පවා යොදවලයි තිබෙන්නේ. ඒවගේම මේ වෙද්දි පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයින් සිටිනවා නම් ඒ සැකකරුවන්ට හැකියාව තිබෙනවා පොලීසිවලට එහෙමත් නැත්නම් ගරු අධිකරණයට, ගරු අධිකරණවලට බාරවීමටත් ඔවුන්ට හැකියාව තිබෙනවා.

අවස්ථාවාදීන්ට අනතුරු අඟවයි

ඒවගේම මේ වන විට තිබෙන සාමකාමී වාතාවරණය සැලකිල්ලට අරගෙන අද දිනයේ කිසිදු ප‍්‍රදේශයකට පොලිස් ඇඳිරි නීතියක් පැණවෙන්නෙ නැති බවත් මේ අවස්ථාවේ දී ප‍්‍රකාශ කරන්න අවශ්‍යයයි. නමුත් ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවල නිරත වෙන, නිරත වුණු මේ අවස්ථාවාදීන්ට ප‍්‍රකාශ කරන්න කැමතියි, ඇඳිරිනීතිය අපි පණවන්නේ නැත්තේ බහුතරයක් වූ ජනතාව ගැන හිතලා බලලා ඔවුන් වෙනුයි. නමුත් ති‍්‍රවිධ හමුදාව, පොලීසිය ආරක්ෂාව සඳහා උපරිම පොලිස් නිලධාරීන් යොදවලා තිබෙනවා. ඒ නිසා පොලිස් ඇඳිරිනීතිය නොපැමිණවීම පිළිබඳව ලිහිල්ව සිතන්නට එපා කියලත් අපි මේ අවස්ථාවාදීන්ට මේ අවස්ථාවේ දී දැනුම් දෙන්න කැමතියි.

ඒවගේම මීට පෙර මා ප‍්‍රකාශ කළ ආකාරයටම මේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට සම්බන්ධ වෙලා අත්අඩංගුවට පත්වන පුද්ගලයින් සම්බන්ධයෙන් මේ පුද්ගලයින් යම් දිනයක විදේශගත වීමට හෝ එහෙමත් නැතිනම් රැුකියාවකට යාමට හෝ වෙනත් කටයුත්තකට හෝ පොලිස් වාර්තාවක් ඉල්ලූවිට එම තැනැත්තාව මෙලෙස අත්තඩංගුවට පත්වීම පිළිබඳව ඒ පොලිස් වාර්තාවේ සඳහන් කරලයි අපි ලබා දෙන්නේ.

ඊටත් අමතරව මේ අත්අඩංගුවට පත්වන පුද්ගලයන් අතරින් රැුකියාවන් සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් වෙද්දි ඒ ඔවුන්ගේ ඒ රැුකියා ස්ථානවලට අපි දැනුම් දෙනවා ඔවුන් සම්බන්ධයෙන් ආයතනික වශයෙන් විනය කි‍්‍රයාමාර්ග ගැනීම සඳහාත් ඒ රැුකියා ස්ථානවලට දැනුම් දීමට කටයුතු කරනවා.

පාස්කු ඉරිදා සැකකරුවන් අත්අඩංගුවට

ඊට අමතරව මේ සිදුවුණු බෝම්බ පිපිරීමේ සිද්ධියට අදාළව මේ අන්තවාදී ත‍්‍රස්තවාදී කණ්ඩායම සම`ග සමීප සම්බන්ධතාවක් පවත්වන ලද බවට සැකකරන පුද්ගලයෙක්ව ඊයේ දින අත්තඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. මොහොමඞ් රිස්වාන් නැමැති මේ පුද්ගලයාව අත්තඩංගුවට ගත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මතයි. මේ සැකකරු මාඹුවල – වත්තල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු භාරයේ තිබිලා විදේශ ගමන් බලපත‍්‍ර කිහිපයක්ම සොයාගෙන තිබෙනවා. ඒවගේම මේ වනවිට ඔහු රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදුවෙනවා.

වෙසක් උත්සවයට උපරිම ආරක්ෂාව

පසුගිය වසරවල පරිදිම මෙවරත් වෙසක් උත්සවය සඳහා අවශ්‍ය කරන ඒ උපරිම ආරක්ෂාව ලබාදීමට කටයුතු කරලා තිබෙනවා ඒ වෙසක් දින කිහිපය තුළදීම. ඒවගේම කොළඹ ඇතුළු නගරවලට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා තිබෙන බවත් සඳහන් කරන්න අවශ්‍යයයි. ඒවගේම මේ වෙසක් දින කිහිපය තුළදී ප‍්‍රජා පොලිස් කමිටු සම්බන්ධ කරගෙන ඒ සෑම ප‍්‍රජා පොලිස් කමිටුවක්ම ඒ ප‍්‍රදේශයක්ම ආවරණය වන ලෙසට වෙසක් උත්සවය වෙනුවෙන් ආගමික උත්සව ද ආගමික කටයුතු සංවිධානය කරන්න කියලත් සෑම පොලිස් ස්ථානයකටම පොලිස් මූලස්ථානය විසින් උපදෙස් ලබාදීලයි තියෙන්නෙ.

සටහන – ශානිකා සුලක්ෂි තිලකරත්න

Recommended For You

About the Author: Editor