ප‍්‍රචණ්ඩකාරීන් කරන්නේ ත‍්‍රස්වාදීන්ගේ අරමුණු ඉටුකර දීමයි – නාවික හමුදාපති

සුළු පිරිසක් විසින් කරන නොමග යැවීම්වලට හසු වී ත‍්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුකර දීමට දායක නොවන ලෙස නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නාවුක හමුදාපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී. ඔබේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා නාවික හමුදාපතිවරයාගේ සම්පූර්ණ ප‍්‍රකාශය මෙහි පළ වෙනවා.

වර්තමානයේ රටේ තිබෙන ආරක්ෂක තත්වයත්, නීතිය හා සාමය රැුකීම සඳහා ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ උපරිම දායකත්වය මේ අවස්ථාවේදී ලබාදෙනු ලබනවා.

මා නාවික හමුදාධිපති ලෙස මේ අවස්ථාවේදී රටේ සිටින සියලූම ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා සාමකාමීව කලබලකාරී තත්වයන් ඇති නොකර රට තුළ ජීවත් වන ලෙසට. යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වැරදි හෝ ප‍්‍රකෝපකාරී අදහස් පතුරවන්නේ නම් හෝ තවත් පුද්ගලයින් හෝ කොටසක් උසිගන්වන්නේ නම් හෝ ඒ වගේම නීති විරෝධී ලෙස කණ්ඩායම් ගැසී යම්කිසි අනතුරක් සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ ඒ වගේම යම් ජන කොටසකට හෝ දේපොළකට යම්කිසි අනතුරක් සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ ඒ වගේම යම් ජන කොටසකට හෝ දේපොළකට යම්කිසි හානියක් සිදුකරන්නේ නම් ති‍්‍රවිධ හමුදාවත් පොලීසියත් මේ අවස්ථාවේදී නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක කරනු ඇතැයි මා මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කර සිටිනවා.

ප‍්‍රචණ්කකාරී ක‍්‍රියා කර ත‍්‍රස්තයින්ගේ අරමුණු ඉටුකර දෙන්න එපා

ඒවගේම පවතින සාමය කඩවන අයුරින් සහ නීති විරෝධී ලෙස හැසිරීම තුළින් දැනට ති‍්‍රවිධ හමුදාවත් පොලීසියත් දියත් කරගෙන යන්නා වූ මෙහෙයුමුත් පර්යේෂණ කටයුතුවලටත් ලොකු බාධාවක් පැමිණෙනවා. ඉතින් මේ අයුරින් කණ්ඩායම් විසින් සාමය සහ නීතිය කඩවන ආකාරයේ කටයුතු නොකරන්න කියලත් ඉල්ලා සිිටිනවා. මොකද ඒක අපේ වර්තමාන මෙහෙයුම්වලට ලොකු බාධාවක් බවට පත්වෙනවා.

ඒ වගේම තමයි අපි මේ රට තුළ මේ ආකාරයට දරුණු ප‍්‍රහාරයක් එල්ල කළොත් ත‍්‍රස්තයන්ගේ යම්කිසි අරමුණක් ඉෂ්ටකර ගැනීම සඳහාත්, ඒ ත‍්‍රස්තයන්ගේ ඒ අරමුණත් අභිප‍්‍රායත් වෙන්නෙ ඔවුන්ගේ අනුගාමිකයන් ඇති කිරීමයි. ඉතින් මේ ආකාරයට රට තුළ යම්කිසි කණ්ඩායම් විසින් තවත් ජන කොටසක් හෝ කණ්ඩායමක් සඳහා ප‍්‍රහාර එල්ල කරන්නේ නම් ඔවුන්ගේ දේපළවලට හානි කරන්නේ නම් සමහරවිට මේ ත‍්‍රස්තයන්ගේ අරමුණත් ඔවුන්ගේ අභිප‍්‍රායනුත් ඉෂ්ට කරගැනීමට හැකියාවක් වෙනවා. ඒ තුළින් තවත් අනුගාමිකයින් බිහිවීමක් ඇති වෙයි කියන එක මාගේ හැගීමයි. ඒවගේම රටේ ආරක්ෂාව වෙනුවෙන් සහ නීතිය සහ සාමය පවත්වාගෙන යාම සඳහා ති‍්‍රවිධ හමුදාවත් පොලීසියත් මේ සැළසුම් සහගතව කරගෙන යන්නාවූ කටයුතුවලට ඔබගේ සහයෝගය ලබාදෙන්න. ඒ වගේම තමයි ති‍්‍රවිධ හමුදාවත් පොලීසියත් ගැන ඔබේ විශ්වාසය තබන්න.

මගේ දරුවත් හැමදාම පාසල් ගියා

වර්තමානයේ අපි දකිනවා මේ දිනවල පාසල්වලට ළමුන් පැමිණීමේ අඩුවක්. ඉතින් එවැනි බියක් ඇතිකර ගත යුතු නැහැ. පාසල් සඳහාත් ඒ වගේම රට තුළ නිසියාකාර සැලැස්මකට අනුව ආරක්ෂාව සපයා ඇති බැවින්. පාසල්වලට ළමුන් යවන්න කියන එක මම මේ අවස්ථාවේදී සියලූම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මගේ ළමයත් පාසල් වයසේ සිටින ළමයෙක්. පාසල් පටන් ගත්ත දිනයේ ඉඳලා කිසිම බියක් සැකක් නැතිව ඒ ළමයත් පාසලට ගියා. මොකද මට ද මේ රට තුළ තියෙන ආරක්ෂාව ගැන යම්කිසි විදිහේ විශ්වාසයක් තිබුණ නිසා තමයි ඒ ළමයත් පාසලට ගියේ. ඉතින් මා නැවත වරක් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා මෙලෙස පාසල් යැවීමෙන් වැළකී සිටින්න එපා. කරුණාකරලා ඔබේ ළමයා පාසලට යවන්න. මොකද ළමයාගේ අධ්‍යාපනය ඉතා වැදගත් දෙයක් නිසා.

සුළු පිරිසකගේ උගුල්වලට අහුවෙන්න එපා

ඒ වගේම සුළු කොටසකගේ අරමුණු සහ අභිප‍්‍රායන් ඉෂ්ටකර ගැනීම සඳහාත් ඒ අය කණ්ඩායම් හෝ පුද්ගලයන් පෙළඹවීමක් මේ අවස්ථාවේ දී සිදු කරන විදිහට තමයි අපි දකින්නේ. ඉතින් ඒ උගුල්වලට අසුවෙන්න එපා. මොකද ඒ තුළින් වෙන්නෙ එවැනි නීති විරෝධී කටයුතුවලට යොමුවන පුද්ගලයන් අවසානයේ නීතියට හසුවෙලා ඔවුන් අනවශ්‍ය ලෙස ඔවුන්ගේ අනාගතය අඳුරු කරගැනීමයි. ඒක නිසා පොළඹවන්නන්ගේ කටයුතුවලට රැුවටෙන්නෙ නැතුව ඔවුන්ගේ උගුල්වලට අසුවෙන්නෙ නැතිව ඔබ සාමකාමීව ජීවත්වෙන්න උත්සහ කරන්න.

ඒ වගේම තමයි මේ දේපළ හානිය තුළින් හෝ එහෙම නැතිනම් පුද්ගල හානිය තුළින් රජයට යම්කිසි වන්දි ගෙවීමක් සිදුකරන්න වෙන්නෙ රටක් විදිහට. මා දකිනවා එතෙන්දි ඒ වන්දි ගෙවීම සඳහා දායක වන්න වෙන්නෙ මේ කටයුතුවලට සහභාගීවන පුද්ගලයන් විසින් ගෙවනු ලබන බදු මුදල් වලින්. අවසානයෙ ඔබ විසින් ම මේ දේපොළවලට යම්කිසි දායකත්වයක් ලබාදෙනවා. ඒවා නැවත ගොඩනැගීමටත් ඒවගේම ජීවිත හානි වෙච්ච පුද්ගලයන්ට වන්දි ගෙවීම සඳහාත් ලබාදෙන්නා වූ මුදල් වෙනුවෙන් ඔබගෙත් අවසානයේ දායකත්වයක් ඒ සඳහා ඇති වෙනවා. ඉතින් ඒ නිසා මා අවධාරණය කරන්න කැමතියි ඔබ නොදැනුවත්වම වක‍්‍රාකාරවම මේ කටයුතුවලට මේ මුදල් ගෙවීම්වලට සම්බන්ධවනවා කියන එක.

ඉතින් මා නැවත වරක් ඉල්ලා සිටින්නේ ත‍්‍රස්තයන්ගේ හෝ එහෙම නැත්නම් වෙනත් අරමුණු ඇතිව මේ කටයුතුවලට පොළඹවන්නන්ගේ මගපෙන්වීම්වලට ඔබ හසුවෙන්න එපා. ඔබ සාමකාමීව ජීවත්වෙන්න. ඒ වගේම මේ අවස්ථාවේදී අපි එකමුතුව කටයුතු කළ අවස්ථාවක් වන අතර ඔබ වෙන්ව කටයුතු කළයුතු නැහැ. රටක් විදිහට ඉදිරියට යා යුතුයි. සිදුවෙච්ච සිදුවීම් දැන්වෙලා ඉවරයි. නමුත් අපි අපේ ඉදිරි අනාගතය සඳහා එකට එකතුවෙලා කටයුතු කළ යුතුයි. ඒ නිසා මා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි නැවතත් මේ රට ඉදිරියට ගෙනයාමටත් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සඳහාත් අපි සියලූදෙනාම එකට කටයුතු කළ යුතුයි. එනිසා මෙවැනි විනාශකාරී කටයුතු සිදුකිරීම තුළින් නැවතත් සිද්ධ වෙන්නේ තව තවත් පිටුපසට යාමක් පමණයි. ඒ වගේම නාවික හමුදාව විසින් රටේ අභ්‍යන්තර ආරක්ෂාවට සහයෝගය දක්වනවා වගේම සාගර කලාපයේ ආරක්ෂාව දැඩි කරලා තියෙනවා.

තවත් මෙහෙයුම් ගැන

මා මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි පසුගිය 11 වන දිනත් අද පාන්දරත් නාවික හමුදාවේ මුර යාත‍්‍රා විසින් උතුරු මුහුදේ නීති විරෝධී ලෙස කටයුත්තක නියැලිලා හිටපු යාත‍්‍රා පරික්ෂා කිරීමේ දී කේරළ ගංජා සොයාගැනීමට හැකියාව ලැබුණා. ඒ 11 වන දින කිලෝ ග‍්‍රෑම් 74ත් ඒ වගේම අද දින කිලෝ ග‍්‍රෑම් 78 ත් අත්තඩංගුවට ගන්න හැකියාවක් ලැබුණා අපගේ ඒ මෙහෙයුම නිසා. ඉතින් ඒ රටේ අභ්‍යන්තරයේ ආරක්ෂාව ලබාදෙන අතරම සාගර කලාපයේත් ආරක්ෂාව පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා කියන එක අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි.

මොනවාහරි තොරතුරක් තියෙනවා නම් නාවික හමුදාව වෙත දැනුවත් කරන්න. සැකකටයුතු දෙයක්. අපගේ පැය 24 ම පවත්වාගෙන යන අංකයන් තියෙනවා. 0112445368 / 0112449719/ 0772201365 මේ අංකවලට ඕනෑම වෙලාවක දැනුවත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ අනුව අපි ලබාදෙන තොරතුරු විශ්ලේෂණය කරලා ශී‍්‍ර ලංකා නාවික හමුදාව ම`ගින් හෝ පොලීසියට දැනුවත් කිරීම තුළින් පොලීසියේ සහයෝගයත් ඇතිව ඒ ලබාදෙන තොරතුරට නිසි කටයුතු කිරීමට කටයුතු කරනු ලබනවා.

සටහන – ශානිකා සුලක්ෂි තිලකරත්න

Recommended For You

About the Author: Editor