
දිවංගත ගාමිණී දිසානායක මැතිතුමා විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමෙහිදී අද (17) වන දා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් අනාගත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ ක්‍රිකට් තරු බිහි කිරීම උදෙසා ඒ වෙනුවෙන් දක්ෂතා ඇති දරුවන් වන වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් ධනංජය, මාතර ශාන්ත සර්වියස් විද්‍යාලයේ චිහාන් කලිඳු ,යාපනය මධ්‍යම මහා විද්‍යාලයේ විජයකාන්ත් වියස්කාන්තන් , තංගල්ල රුහුණු විජයබා විද්‍යාලයේ එල්.එම්.දිල්ෂාන් මදුසංක යන ශිෂ්‍යයින් සඳහා මාසිකව රුපියල් 10,000ක දීමනාවක් ලබා දීමට කටයුතු කරන ලදී.
තවද කොළඹ ලුම්බිණි විදයාලයේ ක්‍රිකට් කණ්ඩායම සඳහා රුපියල් ලක්ෂයක් වටිනා ක්‍රිකට් භාන්ඩ ප්රදානය කිරීමට ද කටයුතු කරන ලදී.