අපරාජිත බංග්ලාදේශ සහ කොදෙව්වෝ අද අවසන් සටනේ

අයර්ලන්ත, බංග්ලාදේශ සහ බටහිර ඉන්දිය කොදෙව් තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද අයර්ලන්තයේදී පැවැත්වේ.

ඒ මේ දක්වා අපරාජිතව සිටිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින බංග්ලාදේශය සහ කොදෙව් කණ්ඩායම අතරය.

පසුගිය සති කිහිපය පුරා අයර්ලන්තයේ පැවැති මෙම තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය මුහුණ දුන් තරග 06ම ජයග‍්‍රහණය කර ඇති අතර සත්කාරක අයර්ලන්ත කණ්ඩායමට එකඳු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.

Recommended For You

About the Author: Editor