ඉරාන විදේශ ඇමැති ජපානයේ

ඇමෙරිකානු සම්බන්ධක හා යුධ තර්ජන හමුවේ විඩාපත්ව සිටින ඉරාන විදේශ ඇමැති මොහොමඞ් ජාවඞ් සාරීෆ් මේ දිනවල ජපානයේ නිල සංචාරක යෙදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාවේ ප‍්‍රබලම පසමිතුරෙකු වන ඉරාන විදේශ ඇමැතිවරයා ඇමෙරිකාවේ සමීපතමයෙකු වන ජපානයේ සංචාරය කිරීම ජාත්‍යන්තර ජනමාධ්‍යවල විශේෂ අවධානයට ලක්ව ඇත.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඉරාන විදේශ ඇමැතිවරයා ඊයේ ජපානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ජපන් අගමැතිවරයා සමග සාකච්ඡුා කළ බවයි.

ජපන් විදේශ අමාත්‍ය ‘ටාරෝ කොනෝ ’’ සමග පැවැති සාකච්ඡුාවේදී විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතර ඇමෙරිකාවේ දැඩි උදහසට ලක්ව ඇති ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැන ද සාකච්ඡුා වී ඇත. එහිදී ඉරාන විදේශ ඇමැතිවරයා තමන් මුහුණ දෙමින් සිටින තත්ත්වය පැහැදිලි කරදී ඇති අතර තම රාජ්‍යයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පවතින එකඟතා තවදුරටත් පවත්වා ගෙන යාම තම අභිලාෂය වුවත් ඇමෙරිකාව එම එකඟතාවයෙන් ඉවත් වීම නිසා බරපතළ ගැටලූ රැුසක් උද්ගතව ඇතැයි පවසා තිබේ.

ඉරාන විදේශ ඇමැතිවරයා සහ ජපන් අගමැතිවරයා අතර පැවැති සාකච්ඡුාවේදී ජපන් අගමැතිවරයා මැදපෙරදිග කලාපයේ වත්මන් ගැටලූ ගැන ඉරාන විදේශ ඇමැතිවරයාගෙන් කරුණු විමසා ඇත. එහිදී ජපානය සහ ඉරානය අතර පවතින සාම්ප‍්‍රදායික මිත‍්‍රත්වය තව දුරටත් ඉදිරියට පත්වා ගෙන යන බවට ජපන් අගමැතිවරයා ප‍්‍රතිඥා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor