චීනයට බැට දෙන ට‍්‍රම්ප් තීන්දුවෙන් බැට කන්නේ ඇමෙරිකානුවෝ

අමෙරිකා එක්සත් ජනපදයේ පරිගණක ජාලා වෙත විදෙස් සයිබර් ප‍්‍රහාරයක් එල්ල විය හැකි යැයි වාර්තා වීම සමග ජනපති ට‍්‍රම්ප් රට තුළ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමට පසුගිය බදාදා පියවර ගත්තා. ඔහු ඒ සඳහා වන ‘විධායක නියෝගය’ සඳහා අත්සන් තබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ට‍්‍රම්ප්ගේ මේ තීරණය සමග තවත් ගැටලූ කිහිපයක් නිර්මාණය වී ඇති බවයි ඇමෙරිකානු මාධ්‍ය මේ වන විට වාර්තා කරන්නේ. ඊට හේතුව වන්නේ මේ සයිබර් ප‍්‍රහාරයක් පිළිබඳ අවදානම සමග විදෙස් දුරකථන පහසුකම් භාවිතා කරන ඇමෙරිකානු සමාගම්වලට එම සේවා ලබා ගැනීම සමග විවිධ බාධාවන්ට මුහුණදීමට සිදුවීමයි.

මේ සම්බන්ධයෙන් වන තම තීරණය සාධාරණීකරණය කරමින් ට‍්‍රම්ප් පවසා ඇත්තේ ‘‘විදෙස් සමාගම් හරහා ජාතික ආරක්ෂාවට අවදානමක් එල්ල වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව’යි.
මෙහිදී ‘‘ජාතික ආරක්ෂාවට අවදානමක් එල්ල විය හැකි’’ විදෙස් සමාගම් කුමක්දැයි නම් නොකිරීමට ට‍්‍රම්ප්ස් මෙහිදී ප‍්‍රවේශම් වී තිබෙනවා. ඒත් ට‍්‍රම්ප් හැරෙන කොටම ‘‘ඒ තැඹිලි පැලේට’’ කියලා මනාව දන්න විදෙස් මාධ්‍ය කියන්නේ ට‍්‍රම්ප් කියන විදෙස් සමාගම දැවැන්ත චීන සමාගමක් වන ‘‘හුදාවෙයි’’ සමාගම බවයි.

ඇමෙරිකානු ජනමාධ්‍ය ක්ෂණිකව මේ තීරණය ගැනීමටත් ප‍්‍රබල හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර ප‍්‍රමුඛ වන්නේ ‘‘චීන බලධාරීන් හුවාවෙයි සමාගම යොදා ගනිමින් ඇමෙරිකාවේ ඔත්තු බලන බවට’’ නිතර නිතර නැගෙන ප‍්‍රබල චෝදනාවයි.

අමෙරිකාව මේ ආකාරයෙන් චීනයට තවත් වටයකින් පහර දෙන විට හුවාවෙයි සමාගම ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ මෙවැනි කතාවක්.

‘‘ධවල මන්දිරයේ මේ තීරණයෙන් වැඩියෙන්ම පීඩාවට පත් වන්නේ අමෙරිකානු පාරිභෝගිකයින්ට සහ සමාගම්වලටයි’’

ඇමෙරිකානු ජනපති ට‍්‍රම්ප් පසුගිය දා චීනය තවත් රිදවමින් ආනයනික භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බදු පැනවීමක් කළා. එය ඩොලර් බිලියන 200ක් පමණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විදේස සයිබර් ප‍්‍රහාරයක් ගැන සඳහන් කරමින් ට‍්‍රප්ස් ඊයේ ගත් මේ තීන්දුවත් ඇමෙරිකානු – චීන නොනවතින වෙළෙඳ යුද්ධයේ තවත් පියවරක් බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

Recommended For You

About the Author: Editor