

සාමයේ දශවර්ෂාභිෂේක සැමරුම් උළෙල පැවැත්වෙන මැයි 19 වැනිදා රට දැය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ සියලූම රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා එදින ප.ව 07.00ට ‘‘සාමයේ පහනක් ’’ දල්වන ලෙස ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සියලූ ශ්‍රී ලංකිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ.
දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාව තුළ පැවැති කුරිරු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා රණවිරුවන් දිවිහිමියෙන් සටන් කොට ත්‍රස්තවාදය මුලිනුපුටා දමා සියලූ ලක්වාසී ජනතාවට සාමය දායාද කරදී මැයි 19 වැනි දිනට දස වසරක් පිරීම නිමිත්තෙන් ‘‘සාමයේ දසවර්ෂාභිෂේක’’ සැමරුම් උළෙලට සමගාමීව ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකායේ ජීවිත කැප කළ වීරෝධාර රණවිරුවන් සිහිකරනු වස් මැයි 19 වැනි දින පස්වරු 07.00ට දීපව්‍යාප්ත ආගමික ස්ථානයන්හි, රාජ්‍ය / පෞද්ගලික ආයතනවල, සියලූම නිවාසවල, ත්‍රිවිධ හමුදා කඳවුරු, පොලිස් ස්ථාන තුළ ‘‘සාමයේ පහනක් ’’ දල්වා ඔවුන් අනුස්මරණය කිරීමට සියලූ මහජනයා වෙත දන්වා සිිටිමු.