
බෞද්ධ ධර්මයෙහි සැබෑ ශ්රාවකයන් ලෙස අප සියළු දෙනා එකමුතුව සාමය සහ මිත්රත්වය අගයන ආදරය සහ කරුණාව දක්වන සමාජයක් බිහිකළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.
එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ ද සඳහන් වෙනවා. මේ වෙසක් දිනයේ වෛරයේ අන්ධකාරය දුරුවී සමගිය, සන්තුෂ්ටිය සහ ප්රබෝධය පිරි නව යුගයක් බිහිවේ යැයි ප්රාර්ථනා කරනවා.