ප‍්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී මෙවර සම්බුදු තෙමගුල සමරන්න – මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහා නාහිමිවරුන්

රට තුළ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප‍්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී මෙවර සම්බුදු තෙමගුල සමරන්නැයි මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහා නාහිමිවරුන් ඉල්ලීමක් කරනවා.

මහා නාහිමිවරුන් නිකුත් කළ වෙසක් දින පණිවිඩවල මේ බව සදහන් වෙනවා. එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ ද සඳහන් වෙනවා.

ඥාණාන්විතව, ආරක්‍ෂාකාරීව සහ සාමකාමීව අප ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාණන් වහන්සේගේ උතුම් තෙමගුල් දිනය සැමරීමට සියළු දෙනා අදිටන් කරගත යුතුය. බෞද්ධ ඉතිහාසයේ කිසිදු දිනක අන්‍යාගමිකයින්ට බුදුදහමේ නාමයෙන් තාඩන පීඩන වදබන්ධන හෝ මිනිස් සංහාරයන් සිදුකළ බවට සාධක ඉදිරිපත් නොවන බවත් බෞද්ධයෝ කිසි කලෙකත් ශූද්ධ වූ ආගමික යුද්ධ සිදු නොකල බවත් මහා නාහිමියන් පෙන්වා දෙනවා. 

සියළු ලෝ සතුනට ඉවසීම, දයාව, කරුණාව හා මෛතී‍්‍රය පිරි ශී‍්‍ර සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ආශිංසනය කරන බවද මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහා නාහිමියන් නිකුත් කළ වෙසක් දින පණිවිඩයේ වැඩි දුරටත් මෙසේ ද සඳහන් වෙනවා.

ගෞතම බුදුරජාණන් වහන්සේ දේශණා කළා වූ නිර්මල ධර්මය අනුව බෞද්ධයින් වශයෙන් ඉවසිලිමත්ව සංයමයෙන් යුතුව ආගමික වතාවත්වල යෙදෙමින් වෙසක් උත්සවය සමරන ලෙසයි අස්ගිරි පාර්ශවයේ මහා නායක ආචාර්ය පූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමියන් ඉල්ලා සිටිනවා.

ලෝ සතුන්ගේ හිත සුව පිණිස බුදුපියාණන් වහන්සේ පන්සාලිස් වසක් දේශණා කළ දහම් මග කුමන තරාතිරමක පුද්ගලයෙකු වුවත් පිළිපැදීම තුළින් දොළොව යහපත සලසා ගත හැකි මාර්ගය අවබෝධ කර ගත හැකි බව අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා

Recommended For You

About the Author: Editor