
බුදුදහමේ උත්තරීතර වටිනාකම මත පදනම්ව ප්‍රතිපත්ති පූජාවෙන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කිරීමට මෙම වෙසක් සමයේ එක්සත්ව කටයුතු කිරීම අතිශය වැදගත් වන බව වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ ද සඳහන් වෙනවා. බුදුදහමේ මූලික හරය කැටි වූ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ පිළිපදින්නේ නම් අප තුළ අධ්‍යාත්මික නිවීමත්, පොදුවේ සමාජය තුළ සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට නිසැකව හැකිවනු ඇත.