
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩය
සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය වෙසක් පොහොය දිනය සමස්ත සැදැහැවත් බොදුනු ජනතාව වෙත ඉතාමත් සෙනෙහසින් සුභාශිංසන පළ කරන බවයි එම පණිවිඩයේ දැක්වෙන්නේ. වසර 2500කටත් වැඩි කාලයක් තිස්සේ මෙරට ජන විඥ්ඥාණයත් ආගමික සභ්‍යත්වයත් පෝෂණය වූයේ බෞද්ධ චින්තනයෙන් බව නොරහසකි. තවද එය මේ රටේ බොදුනු සහෝදර සහෝදරියන්ගේ පමණක් නොව අප සැමගේද පොදු උරුමයයි. අප අදහන ආගම කුමක් වුවත් ඒ හැම ආගමකටම බුදුදහම සරු පසකි.
එය එසේ වන්නේ කිතුණු දහම ඇතුළු ප්‍රධාන ආගම් සියල්ලේම පදනම පේ‍්‍රමය හෙවත් මෛතී‍්‍රය වන බැවිනි. මෙම වසරේ අපට වෙසක් උත්සවය සැමරීමට සිදුව ඇත්තේ වෙනදාටත් වඩා අපගේ ආගමික පැවැත්ම පරීක්ෂාවට ලක්වන සමයක බවද කාදිනල් හිමියන් පෙන්වා දෙනවා.
වෛරය ආගම කර ගත් ත්‍රස්තවාදය අද පේ‍්‍රමයේ ආගම් සියල්ලටම බලවත් අභියෝගයක් බවත් කාදිනල් හිමිපාණන් නිකුත් කළ වෙසක් දින පණිවිඩයේ සදහන්. එහෙත් බද්ධ වෛරය සහ ප්රචණ්ඩත්වය පරාජය කිරීමට හැක්කේ මෛතී‍්‍රයෙන් පමණක් බව අප අදහන සෑම ආගමක්ම උගන්වන පරම සත්‍යය බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.