
ඊයේ පැවැති ඔස්ටේ්රලියානු පෙඩරල් මහ මැතිවරණයෙන් ස්කොට් මොරිසන්ගේ නායකත්වයෙන් යුත් ලිබරල් ජාතික සන්ධානය පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන සංඛ්‍යාව වන 151න් 75ක් දිනාගෙන තිබෙනවා.
ලේබර් පක්ෂය විසින් දිනාගත් ආසන සංඛ්‍යාව 65ක්. වෙනත් කණ්ඩායම් හා පක්ෂ විසින් මන්ත්‍රී ධූර 06ක් දිනා ගෙන තිබෙනවා.
ලේබර් පක්ෂය ආසන 65ක් දිනා ගෙන ඇතත් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තම සූදානමක් නැතැයි ලේබර් පක්ෂ නායක ‘‘බිල් සොර්ටන් පවසනවා.

තම පරාජය නිහතමානීව පිළිගනිමින් බිල් පවසා සිටියේ ‘‘මම මොරිසන්ට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරන බවයි. එසේම ඔහු ලේබර් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව ද පවසා සිටියා.