ඕස්ටේ‍්‍රලියාවේ බලය ලිබරල් ජාතික සන්ධානයට

ඊයේ (18) පැවැති ඕස්ටේ‍්‍රලියානු පෙඩරල් මැතිවරණයෙන් ස්කොට් මොරිසන් විසින් නායකකත්වය දෙන ලිබරල් ජාතික සන්ධානය තියුණු ජයක් වාර්තා කර ඇති බව ඔස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කරයි.

The Duardian වාර්තාවන්ට අනුව ඊයේ මධ්‍ය රාත‍්‍රිය වන විට ගණනය කර තිබූ සියයට 74.86ක් වූ ඡුන්ද ප‍්‍රතිශතයෙන් ආසන 72ක් ජාතික ලිබරල් සන්ධානය විසින් දිනාගෙන තිබූ අතර ලිබරල් පක්ෂය විසින් ආසන 39ක් තනිව ජය ගෙන තිබුණේය.

මෙහිදී කැපී පෙනෙන තත්ත්වය වන්නේ ‘‘ලේබර් පක්ෂය’’ තනිව තරග කොට ආසන 63ක් ජයග‍්‍රහණය කර තිබීමයි.

මේ අතර ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කරන්නේ හිටපු අගමැතිවරයෙකු වන ‘‘ටෝනි ඇබට්’’ ස්වාධීන අපේක්ෂකයෙකුට පරාජය වී ඇති බවයි. 1994 සිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ ඇබට්ගේ පරාජය සුවිශේෂ තත්ත්වයකි.

මහ මැතිවරණයෙන් පරාජයට පත් ලේබර් පක්ෂ නායකයා තමා පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බව නිවේදනය කර ඇති අතර ජයග‍්‍රාහක ස්ටීවන් මොරිසන්ට සුභපැතූ බව ද ඔස්ටේ‍්‍රලියානු මාධ්‍ය සඳහන් කරයි.

ඔස්ටේ‍්‍රලියාවේ ආණ්ඩුවක් පිහිටුවීමට ආසන 76ක් ජයග‍්‍රහණය කර තිබීම (150) අවශ්‍ය වේ.

Recommended For You

About the Author: Editor