මාලිංග තවම වැට උඩ

මැයි 24 වැනි දා දකුණු අප‍්‍රිකාව සහ මැයි 27 වැනිදා ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන පුහුණු තරග සඳහා සහභාගී නොවීමට ලසිත් මාලිංග තීරණය කොට ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මාලිංග මෙම තීරණය ගෙන ඇත්තේ මැයි 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වනවාද නැද්ද යන්න ගැන ඔහු මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති නිසා බවයි එම වාර්තා කියන්නේ.

මාලිංග මෙවැනි අතීර්ණයක සිටියත් ශ‍්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයා වන අසන්ත ද මෙල් පසුගිය දා පවසා සිටියේ ලසිත් මාලිංග ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියෙන් පසු මැයි 22 වැනිදා ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග එක් වීමට නියමිත බවයි.

ලසිත් මාලිංගගේ මෙම අතීරණාත්මක තත්ත්වය පිළිබඳව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන් තුළ ඇත්තේ දැඩි කණස්සල්ලක්. ඔවුන් කියන්නේ ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ දී සුපිරි භූමිකාවක් නිරූපණය කළ ලසිත් මාලිංග මව්බිම වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමට මේ ආකාරයෙන් කේවල් කිරීම සිදු නොවිය යුතු තත්ත්වයක් බවයි.

Recommended For You

About the Author: Editor