සජිත්ගේ භාරකාර ආණ්ඩුවකට සැලසුමක්

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අග‍්‍රාමාත්‍ය ධූරයට පත්කරමින් භාරකාර ආණ්ඩුවක් ඇති කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සැලසුම් කර ඇති බව වාර්තාවේ’ යැයි මැයි 19 වැනිදා ‘අනිද්දා’ පුවත්පත වාර්තා කරයි.

මෙම පුවත මෙසේය.

පවත්නා තත්ත්වය තුළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පලූදු වී ඇතැයි හේතු දැක්වීමක් කරමින් සජිත් පේ‍්‍රමදාස යටතේ භාරකාර ආණ්ඩුව ස්ථාපනය කිරීම සැලසුම වී ඇතැයි වාර්තාවේ. භාරකාර ආණ්ඩුව යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට ද ඇමැති ධූර ලැබෙනු ඇතැයි දැනගන්නට තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ එජාපයේ ප‍්‍රබලයෙකු පැවසුවේ එවැනි යටිකූට්ටු වැඩක් පිළිබඳව ආරංචියක් තිබෙන බවය. එහෙත් සජිත් පේ‍්‍රමදාස ඒ පිළිබඳව නිහඬ යැයි ඔහු ප‍්‍රකාශ කරයි. එජාපයේ මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාසට නොලැබෙන බව මත පළවෙන නිසා සජිත් පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ නව තීරණය පිළිබඳව සලකා බලන්නට ඉඩ තිබෙන බව ද ඔහු ප‍්‍රකාශ කරයි. ජනාධිපතිවරයා ඡුන්ද කල් දමා හෝ තවදුරටත් බලයේ සිටින්නට මේ අවස්ථාවේ උත්සාහ ගනිමින් ඇතැයි ද එජාපය ද ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කිරීම අසීරු බව පිළිබඳව සැලකිලිමත් වෙමින් සිටින නිසා ජනාධිපතිවරයාත් එජාපයේ බොහෝ මන්ත‍්‍රීවරුනුත් මෙම භාරකාර ආණ්ඩු යෝජනාවට කැමැති විය හැකි පසුබිමක් ද නිර්මාණය වී ඇතැයි ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.

Recommended For You

About the Author: Editor