
පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනපතිවරයා පත් කළ කමිටුවේ නිර්දේශ අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ චෝදනා යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තාවේ.
පසුගිය පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්රස්ත ප්රහාරය ගැන මුලින් තොරතුරු ලැබී තිබුනද ඊට ක්රියාමාර්ග නොගැනීම ඔවුනට එල්ල වී ඇති චෝදනාවයි.