යුද්ධ හමුදාධිපති පළමු පොල්තෙල් පහන ආලෝකමත් කරමින්

දශක තුනකට ආසන්න කාලයක් පැවැති කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීමේ මානුෂිය මෙහෙයුමේදී මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පූජා කල විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ ‘දසවර්ෂාභිශේක’ තිදෙන රණවිරු සැමරුම් උත්සව මාලාවට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉරිදා (19) දින පස්වරු 7.00 ට බෞද්ධාලෝක මාවතේ පිහිටි යුද්ධ හමුදාධිපති නිල නිවසේ දී පළමු පොල්තෙල් පහන ආලෝකමත් කරමින් මහත් භක්තියෙන් යුතුව දිවයිනපූරා ‘රණවිරු අනුස්මරණ’ පහන් දැල්වීම සඳහා එක්විය.

‘රණවිරු අනුස්මරණ’ පහන් දැල්වීම සඳහා යුද්ධ හමුදාධිපති සමගින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි චන්ද්‍රිකා සේනානායක මහත්මීය ද එක්ව සිටියහ.

Recommended For You

About the Author: Editor