
අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව විපක්ෂ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට එජාපය විරුද්ධ බවත් විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා විභාග කර බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට එජාපය තීරණය කළ බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවෙන් පසු අප කළ විමසීමකට පිළිතුරු වශයෙන් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ,
‘‘විපක්ෂය විසින් චෝදනා එල්ල කළ පළියට අපිට අපේ ඇමැතිවරු ඉවත් කිරීමට හැකියාවක් නැහැ. ඔවුන්ට එරෙහිව ඇති චෝදනා ඔප්පු විය යුතුයි. එවැනි අවස්ථාවක පමණයි ඔවුන් සම්බන්ධයෙන් විධිමත් පියවරක් ගන්න පුළුවන්. ඒ අනුව අපි රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව ඇති චෝදනා විභාග කරන්න තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය කළා. එහි තීන්දුව සහ නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්නවා.