පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ ජාතික ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ මාධ්‍ය වාර්තාව – ඇතැම් මාධ්‍ය වාර්තාකරණයෙන් ත‍්‍රස්තවාදීන්ට සහාය දෙනවා

ඇතැම් සාවද්‍ය හෝ අර්ධ සත්‍ය මාධ්‍ය වාර්තා මගින් පරීක්ෂණවලටත්, අධිකරණයම ක‍්‍රියාවලියටත් බාධාවන බවත් එවැනි වාර්තා ත‍්‍රස්තවාදීන්ට රැකුල් දීමක් බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව කීවේය. මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා,

දිවයින පුරාම ඉතා සාමකාමී වාතාවරණයක් මේ වන විට ස්ථාපිතවෙලා තිබෙන බව මේ වන විට ඉතා පැහැදිලිව පෙනෙනවා. විශේෂයෙන්ම ජන ජීවිතය යථා තත්වයට පත් වී තිබෙන ආකාරයයක් අපිට නිරීක්ෂණය කිරීමට හැකිවෙලා තිබෙනවා.
(18- 19* දින දෙක තුළ දී වෙසක් උත්සවය නිමිත්තෙන් අපිට නිරීක්ෂණය වුණා විශාල පිරිසක් ආගමික ස්්්ථානවලටඒ වගේම නගරවලට පැමිණෙන ආකාරය. ඒ අනුව දිවයින පුරාම ඉතා සාමකාමී වාතාවරණයක් මේ වන විට ස්ථාපිතවෙලයි තියෙන්නේ.
කෙසේ නමුත් ශ‍්‍රී ලංකා පොලීසිය වශයෙන් අප සිදු කරන මෙහෙයුම් වගේම විමර්ශන කටයුතුත් දිගටම සිදු කරගෙන යනවා. අපි සිිදුකරන මෙහෙයුම් සඳහා ති‍්‍රවිධ හමුදාවේ ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේත් උපරිම සහය ලැබෙන බවත් සඳහන් කරන්නට අවශ්‍යයි. විමර්ශන කටයුතුත් දිගම සිදුවෙනවා. අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට අදාළව අත්තඩංගුවට ගන්නා ලද සැකකරුවන් 69ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේත් ඒ වගේම තවත් සැකකරුවන් 20ක ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය භාරයේත් ඒ අනුව සමස්ත සැකකරුවන් 89 ක් මේ වන විට රඳවා තබාගෙන විමර්ශන කටයුතු ඉතා සාර්ථකව සිදුවෙන බව සඳහන් කළ යුතු යි.

කුරුණෑගල අලකොළදෙණිය ගැන

ඒවගේම කුරුණෑගල පොලීසිය මගින් සිදු කරන ලද විමර්ශනයක්් සහ අත්තඩංගුවට ගැනීමක් පිළිබඳව මාධ්‍ය මගින් අද දිනත් දිගින් දිගටම වාගේත් මාගෙන් විමසීම් කර සිටියා. මේ පිළිබඳව තිබෙන තොරතුරු සඳහන් කරන්නයි මා සූදානම් වෙන්නේ. මුලින්ම මේ තොරතුර කුරුණෑගල පොලීසියට ලැබෙන්නේ කුරුණෑගල පොලිස් වසමේ අලකොළදෙණිය ප‍්‍රදේශයේ පොල් ඉඩමක යම් පිරිසක් පුහුණු කඳවුරක් පවත්වා ඇති බවටයි මේ තොරතුරු මුලින්ම ලැබෙන්නේ.

ඒ අනුව ඒ පිළිබඳව කුරුණෑගල පොලීසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කරනු ලබනවා. විමර්ශනයේ දී මුලින් ම සැකකරුවන් තිදෙනෙක් අත්තඩංගුවට පත්වෙනවා. මේ සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙක් එම පොල් ඉඩම අයිතකරු. ඔහු දඹුලූ පාර අලකොළදෙණිය කුරුණෑගල ලිපිනයේ පදිංචිකරුවෙක්. ඒවගේම තවත් සැකකරුවෙක් මෙම පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය කරන ලද තැනැත්තෙක්. මොහු තල්ගස්පිටිය අඹකොටේ කියන ලිපිනයේ පදිංචිකරුවෙක්. අනෙක් තුන්වන සැකකරු මෙම පුහුණු වැඩසටහනේ දේශකයෙක් වශයෙන් සහභාගි වී සිටි තැනැත්තෙක්. ඔහු නුවර පාර තිහාරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ තිදෙනාව අත්තඩංගුවට ගන්නේ මැයි මස 9 වන දිනයි. ඉන් අනතුරුව පොවුන් තිදෙනාව ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මේ සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුවෙනවා.

ඒ විමර්ශන අතරදි මේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්තඩංගුවට පත්වෙනවා. මේ අත්තඩංගුවට පත් අනෙක් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කුරුණෑගල රෝහලේ සේවකයෙක්. ඔහු තල්ගස්පිටිය අඹකොටේ මාවතගම කියන ලිපිනයේ පදිංචිකරුවෙක්. සැකකරුවන් තිදෙනාගෙන් අනෙක් තැනැත්තා හාලිඇල්ල අඹකොටේ කියන ලිපිනයේ පදිංචිකරුවෙක්. මේ හාලිඇල්ල අඹකොටේ පදිංචිකරු සතුව තිබිලා නොයෙකුත් වටිනාකම්වලට ලියන ලද චෙක්පත් විශාල ප‍්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනාව අත්තඩංගුවට ගන්නේ මැයි 11 වෙනි දින මොවුන් දෙදෙනාගෙන් මේ රෝහල් සේවකයාට අයත් බැංකු ගිණුමකට නොයෙකුත් පුද්ගලයින්ගෙන් වරින්වර විශාල මුදලක් ලැබී තිබෙන බවත් විමර්ශනයේ දී අනාවරණයවෙලා තිබෙනවා. මේ දෙදෙනාව මේ වන විට කුරුණෑගල පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුවෙනවා.

පාර්ලිමේන්තු සේවකයා ගැන

තවදුරටත් සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම් හා විමර්ශනවලදී මැයි 18 වන දින තවත් සැකකරුවෙක් මේ සම්බන්ධයෙන් අත්තඩංගුවට ගන්නවා. මේ අනෙක් අයත් සමග තිබූ සම්බන්ධතාවයට. ඒ වගේම මේ සම්බන්ධව නොයෙක් ප‍්‍රශ්න කිරීම් සඳහා ඔහුව අත්තඩංගුවට ගන්නවා. ඔහු මාවතුපොල අලවතුගොඩ ලිපිනයේ පදිංචිකරුවෙක්. ඒවගේම ඔහු ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සුචිගත කිරීමේ නිිලධාරියෙක්. ඔහුවත් මේ වනවිට රඳවා තබාගෙන විමර්ශන සිදුවෙනවා. ඒ් අනුව මේ පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම සහ යම් යම් කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා අත්තඩංගුවට ගන්නා ලද සමස්ත සැකකරුවන් ගණන කුණෑගල පොලීසිය මගින් හයදෙනයි. ඒ හයදෙනාගෙන් තිදෙනෙක්ව ගරු අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගතකරලයි තිබෙන්නේ. අනෙක් තිදෙනා මේ වන විට කුරුණෑගල පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන විමර්ශන සිදුවෙනවා.

මාධ්‍යයට තොරතුරු දෙන්නේ විමර්ශනවලට බාධා නොවන ලෙසයි

ඒ කාරණයට අමතරව තවත් එක් කාරණයක් සඳහන් කරන්න අවශ්‍යයි. දැන් අපි මාධ්‍ය වෙත තොරතුරු ලබාදීමේදි විමර්ශනවලට ඒවගේම අධිකරණ කි‍්‍රයාවලියට බාධාවක් නොවන ආකාරයටයි ඒ තොරතුරු ලබාදීම සිදු කරන්නේ. මහජනතාව මේ සිදුවන විමර්ශන ගැන තොරතුරු දැනගත යුතු යි. ඒ අනුව මාධ්‍ය වෙත තොරතුරු ලබා දෙනවා. නමුත් අනෙක් අතට අධිකරණ කි‍්‍රයාවලියට විමර්ශනවලට කිසිසේත්ම බාධාවක් වෙන්නත් බැහැ මේ ලබාදෙන තොරතුරු නිසා.

සහරාන්ගේ බිරියගේ පාපොච්චාරණය ගැන පුවත්පත් වාර්තාවේ භාගයක් බොරු

තත්වය එලෙස තිබිය දී මැයි 12 වන දින එක්තරා ජාතික පුවත්පතක පිටුවක් පුරාවට පළවෙනවා ප‍්‍රවෘත්තියක් ‘‘මරාගෙන මැරෙන දිවුරුම දුන්නේ කොල්ලූපිටිය සුපිරි නිවාස සංකීර්ණයක දී සහරාන්ගෙ බිරිය පොලීසියට කළ පාපෝච්චාරණය’’ සම්පූර්ණ පිටුවක් පුරාවටම මෙය පළවෙනවා. මේ පළ කරලා තිබෙන පාපෝච්චාරණය පොලීසිය නිල වශයෙන් ලබාදුන්න එකක් නෙවෙයි කියලා මුලින්ම සඳහන් කැන්න අවශ්‍යයි. යම් යම් ස්ථානවලින් අරගත්ත නිල නොවන දේවල්. මෙයින් භාගයක් විතර අසත්‍ය තොරතුරු.

ඊටත් වඩා මෙහි බලපෑම මෙවැනි ප‍්‍රවෘත්තියක් පළ කළාම පැහැදිලිවම එය සැකකාරියකගේ පාපෝච්චාරණයක් බවට සඳහන් කරන ප‍්‍රකාශයක් පුවත්පතක පිටුවක් පුරාම පළ වුණාම, මෙය පැහැදිලිවම පළ වුණාම එක් අතකින් විමර්ශන කි‍්‍රයාවලියට බාධාවක්. අනෙක් අතට මෙය අධිකරණ කි‍්‍රයාවලියට බාධාවක්. එතකොට දැන්මේ ප‍්‍රවෘත්තිය ම`ගින් විමර්ශන කි‍්‍රයාවලියටත් අධිකරණ කි‍්‍රයාවලියටත් බාධාවක් වෙනවා. එහෙනම් මෙවැනි ප‍්‍රවෘත්තිවලින් මේ ත‍්‍රස්තවාදීන්ට රුකුලක් සිදුවෙන්නේ. ඒ නිසා ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ නිල වශයෙන් ලබාදෙන තොරතුරු පළ කරන්න. මෙවැනි අනීතික ආකාරයකට මෙවැනි දේවල් පළ කරන්න එපා කියලා.

සටහන – ශානිකා සුලක්ෂි තිලකරත්න

Recommended For You

About the Author: Editor