දැන් ලංකාව විදෙස් රටවල කෙළිබිමක් – අනුර ප‍්‍රියදර්ශන යාපා

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ලංකාව විදෙස් රටවල කෙළිබිමක් වෙමින් තිබෙනවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා කියයි.

ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (21) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

වැඩි දුරටත් කරුණු දැක් වූ අනුර ප‍්‍රියදර්ශන මහතා මෙසේ ද ප‍්‍රකාශ කළේය.

පාස්කු ප‍්‍රහාරයෙන්පස්සේ අපේ රට විදෙස් රටවල කෙලිබිමක් වෙමින් තිබෙනවා. ආණ්ඩුව අත් දැකීමක් නැතිව විවිධ රටවල් එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරමින් තිබෙනවා. රටේ ආරක්ෂාව ගැන බිදුවකවත් අවබෝධයක් තියෙනවා නම් මේ විදියට වැඩ කරන්නේ නැහැ. ජාත්‍යන්තරයේ ආභාෂය හා උපදෙස් පමණයි මේ අයට ලැබුනේ කියලා මම හිතනවා.

ආරක්ෂක අංශවල කාර්ය කරන්න අපි ඉඩ දෙමු. ලෝක බලවතුන් අපේ රට ගැන ඉව අල්ලමින් සිටිනවා. අපේ රටේ නිදහස භෞමික අඛණ්ඩතාවය ගැන ඕනේ තරම් අපිට උදාහරණ තියෙනවා. 1948 නිදහස ගත්තත් 1956 වෙද්දි අපේ රට ස්වාධීන කරන්න බණ්ඩාරනායක මහත්තයා පියවර ගත්තා. ති‍්‍රකුණාමල වරායෙන් කටුනායකින් හමුදා කදවුරු ඉවත් කෙරුවා. සිරිමාවෝ මැතිණිය ජනරජ ව්‍යවස්ථාව මගින් බි‍්‍රතාන්‍ය ඩොමිනියන් පාලනයෙන් ඉවත් වුණා. රටේ රාජ්‍ය නායකයෝ රටේ ආරක්ෂාවට, භෞමික අඛණ්ඩතාවයට මුල්තැන දුන්නා.

දැන් දවසින් දවසට අපිට අහන්න ලැබෙන්නේ විවිධාකාර ආරක්ෂක ගිවිසුම් ගැන. ඇමරිකාවත් එක්කත් 2018 දි ගිවිසුමත් අත්සන් කළා. තවත් ගිවිසුමකට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා. ඒ කියන්නේ අපිට අපි ගැන විශ්වාස නැහැ. ආණ්ඩුව බලයට පත්වෙලා ජනතාවගේ බලාපොරොත්තු සුන් කරන එකයි කරලා තියෙන්නේ.

මේ වගේ අනාරක්ෂිත තත්ත්වයකට රට පත්වෙලා නැහැ. මේ විදියට දෙමව්පියෝ දරුවෝ පාසල් නොයවා ඉදලා නැහැ. රජය ගැන විශ්වාසයක් නැති මේ වගේ තත්ත්වයක ඇයි මේ ආණ්ඩුව තවත් ඉන්නේ. දැන් පාර්ලිමේන්තුවේ 225ම එපා කියලා එකක් පටන් අරන්. අපි මොනවා කරන්නද? සමහරු සන්හිඳියාව ගැන කියනවා. මේ දේශපාලන නඩය උත්සාහ කරන්නේ රට තවතවත් අස්ථාවර කරන්නයි.

Recommended For You

About the Author: Editor