නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාට එරෙහිව එජාපය ජනතාව සමග පාරට

ජනපති ත්‍රෛීපාල සිරිසේන මහතා හෝ විපක්ෂය විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ල මහතා සම්බන්ධයෙන් කඩිනම් පියවරක් නොගන්නේ නම් ජනතාව සමග එක්ව හිස්බුල්ලා මහතාට එරෙහිව කටයුතු කරන බව එජාපය පවසයි.

අද පැවැති එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා මේ බව ප‍්‍රකාශ කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජයවර්ධන මහතා,

‘‘ඒකාබද්ධ විපක්ෂය විසින් ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ මගින් ඔවුන් ඇමැතිවරයාට දැවැන්ත චෝදනා එල්ල කරලා තිබෙනවා. ඒ්ත් ඒවා චෝදනා පමණයි. ඒ ගැන අපි තේරීම් කාරක සභාවක් මගින් විමර්ශනය කර බලා සුදුසු තීරණ ගන්නවා. ඒත් ඔවුන් හිතාමතාව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ගැන අමතක කරනවා. ඔහුට එරෙහිව දැවැන්ත චෝදනා තිබෙනවා. විශේෂයෙන් සහරාන් හෂීම් ඇතුළු කල්ලිය සමග ගනුදෙනු කළ බවට පැහැදිලි චෝදනා තිබෙනවා. ෂරියා විශ්වවිද්‍යාලය නමින් අන්තවාදී ආයතනයක් ආරම්භ කළ බවට චෝදනා තිබෙනවා. ඒත් ජනාධිපතිවරයා හෝ ඒකාබද්ධ විපක්ෂය ඒ ගැන දැඩි නිහඬතාවක් රකිනවා.

අපි කියන්නේ රිෂාඞ් කලින් හිස්බුල්ලාට එරෙහිව පියවර ගන්න. ඒත් ඒ ගැන කිසිවක් සිදුවන බවක් පෙන්න නැහැ. ඒ නිසා අපි අද අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා ගැන ජනපතිවරයා කඩිනමින් පියවර නොගතහොත් ජනතාව සමග එක්ව දැවැන්ත විරෝධතාවකට යන්න.

Recommended For You

About the Author: Editor