
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය අද (21) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 03.30ට ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර ග්‍රෙන්ජ් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර පසුගිය 18 වැනිදා පැවැත්වීමට නියමිත තරගය වර්ෂාව නිසා ආරම්භ කිරීමට පවා අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ අතර ස්කොට්ලන්ත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ අද දිනයේදී අදාළ ප්‍රදේශයට වර්ෂාව ලැබිය හැකි බවයි.